දේශීය සැපයුම් කරුවන්ගෙන් ලබා ගත් ගෝස් තොගයක් වෛද්‍ය සැපයුම් අංශයේ තිබිය දී ගෝස් මීටරයක් සඳහා රුපියල් 14.54 වැඩියෙන් ගෙවා මීටර් මිලියන 03 ක් මිලදී ගැනීම හේතුවෙන් රජයට රුපියල් මිලියන 43.6 පාඩුවක් සිදු කොට ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නොවැම්බර් මස 12 වැනි දින නිකුත් කර ඇති විගණන වාර්තාවක සඳහන්වේ. ඒ වන විට වෛද්‍ය සැපයුම් අංශයෙහි වැඩි මිලට ගෝස් මිලදී ගැනීමේ අවශ්‍යතාවක් නොතිබූ අතර ව්‍යාජ හිඟයක් පෙන්නුම් කර හදිසි මිලදී ගැනීමක් ලෙස ගෝස් මිල දී ගෙන ඇති බවද එම විගණනය මඟින් අනාවරණය කර ඇත.
ප්‍රසම්පාදන කමිටුවේ දී වෛද්‍ය සැපයුම් අංශයේ හදිසි අවශ්‍යතාවක් ලෙස දක්වමින් ලංසු ඉදිරිපත් කර තිබූ එකම ලංසුකරුට ගෝස් මීටර් මිලියන තුනක ඇණවුම් ප්‍රමාණයකට අනුමැතිය ලබා දී තිබේ. මෙම ඇනවුම ප්රදානය කරන අවස්ථාව වන විටත් දේශීය සැපයුම් කරුවකු විසින් ගෝස් මීටර් 3,635,700 ක ප්‍රමාණයක් සපයා ඇති බව එම විගණන වාර්තාවේ සඳහන්වේ.
එම සැපයුම්කරු වෛද්‍ය සැපයුම් අංශයේ කෝටා ක්‍රමය යටතේ ගෝස් මීටරයක් රුපියල් 74,96 බැගින් සපයා ඇත. එහෙත් ගෝස් මීටරයක් රුපියල් 89.50 බැගින් ඉන්දියාවේ බෙංගාල ප්‍රාන්තයෙන් ආනයනය කර සැපයීමට ලංසුව ඉදිරිපත් කොට තිබූ අතර මෙම ගෝස් තොගය සැබෑ ලෙස ම ඉන්දියානු නිෂ්පාදකයන්ගෙන් ම ලබා ගත් තොගයත් ද නැතිනම් දේශීයව නිෂ්පාදනය කළ තොගයක් ද යන්න වෛද්‍ය සැපයුම් අංශය විසින් තහවුරු කරගෙන නොතිබුණි. මේ සම්බන්ධයෙන් විමර්ශනය කොට වගකිව යුතු නිලධාරීන් සම්බන්ධයෙන් 2024 දෙසැම්බර් 31 ට පෙර විනයානුකූලව කටයුතු කළ යුතු බවට විගණය මගින් නිර්දේශ කොට ඇත.
චන්දන සමරවික්‍රම