නව පොලිස්පති ධුරයේ වැඩ බැලීම සඳහා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා හෙට (27) දින බොහෝ දුරට පත් කරනු ඇතැයි පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග සඳහන් කරයි.
දිරි මාස 3ක කාලයක් සඳහා ඒ මහතා පත් කරනු ඇතැයි දැනගන්නට ඇත. හිටපු පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතා සේවා දිගු තුනක් ලබා ඉකුත් 25 වෙනි දින විශ්‍රාම ගියේය.
පුරප්පාඩු වන බස්නාහිර පළාත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරයා ලෙස පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි නීතීඥ වරුණ ජයසුන්දර මහතා පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.