දේශපාලන වුවමනාවට ඉදිරියේදී මේ රටේ කිසිදු ව්‍යාපෘතියක් සිදු නොකරන බවත් යම් ව්‍යාපෘතියක් ඉදිකරන්නේ නම් එය වසර විස්සක ජාතික සැලැස්මකට අනුව සිදුකරන බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (02) දා පැවසීය.
ඇමතිවරයා මේ බව කියා සිටියේ කතරගම මහා දේවාලයට බැතිමතුන් විසින් ලබාදී තිබූ මිලියන 176 වියදමින් මහරගම අපේක්ෂා රෝහලේ ඉදිකළ ඇට මිදුළු හා රුධිර ජනන සෛල බද්ධ කිරීමේ ඒකකයක විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.
එහිදී ඇමතිවරයා තවදුරටත් කියා සිටියේ මෙවර අයවැයෙන් ඉතිහාසයේ පෙර නොවූ විරූ මුදලක් සෞඛ්‍යයට වෙන්කර තිබෙනවා.
කතරගම දෙවියෝ පමණක් නෙමෙයි තිස්තුන් කෝටියක් දෙවියන්ටත් වඩා මුදලක් මහා භාණ්ඩාගාරයෙන් රටේ සංවර්ධන යොමු කරලා තිබෙනව
නමුත් එලෙස වැය කළ මුදලින් නිම කළ ව්‍යාපෘති සමහරක් අසාර්ථකයි. ඇතැම් ව්‍යාපෘති රජයට මහා බරක්. ඒ නිසා ඉදිරියේදී මෙවන් මහා පරිමාණයේ ව්‍යාපෘති සිදුකිරීමට ඉඩ ලබා දෙන්නේ නැහැ. නිසි ප්‍රසම්පාදන ක්‍රමයකට හා ඇගයීම් වාර්තාවකට අනුවයි මීට පස්සේ මේ වගේ ව්‍යාපෘති සිදු කිරීමට අවසර දෙන්නේ.
මොකද යම් තැනකට ආවහම හිත උණු වෙලා කෝටි ගණන් සල්ලි වියදම් කරලා ව්‍යාපෘති සිදු කරලා යනවා. නමුත් පසු විපරමක් නොවීම නිසා ඒ වා පසුව නඩත්තු කරගන්න බැරුව රජය ලොකු අපහසුතාවයකට මුහුණ පානවා. ඒ වෙලාවල් වලට සමහරු උද්ඝෝෂණය කරනවා. ඒව නඩත්තු කරන්නෙ නෑ කියල.
ඒ තත්ත්වය මීට පස්සේ සිදුවෙන්න බෑ. මින් පසු මේ විදිය ව්‍යාපෘති සිදු කරන්නෙ ඉදිරි වසර විස්සක ජාතික සැලැස්මකට අනුවයි..කිසිම දේශපාලන උවමනාවකට ඉදිරියේදී මේ ව්‍යාපෘති සිදු කරන්න ඉඩ ලබා දෙන්නෙ නෑ.
මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න