ලෝක කම්කරු දිනය මූලික කර ගනිමින් ප්‍රධාන දේශපාලන පක්ෂ තම බල උරගා බැලීම සඳහා කොළඹ නගරය තුළ හා කොළඹින් පිටත ප්‍රදේශවල මැයි දින රැළි හා පෙළපාළි රැසක් පැවැත්වීමට සැලසුම් කර තිබේ. මැයි දින රැළි හා පෙළපාළි සැමරුම් උත්සවල ආරක්ෂාවට හා රථවාහන හැසිරවීම සඳහා දිවයින පුරා පොලිස් නිලධාරීන් දසදහසකට ආසන්න ප්‍රමාණයක් හා පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් තුන්සියයක් පමණ යොදවා සිටියි.
මීට අමතරව අවශ්‍ය වුවහොත්, යුද හමුදා සාමාජිකයන්ද කැඳවීමට පොලීසිය සැලසුම් කර තිබෙන අතර, අද දිනයේදී මැයි දින රැළි හා පෙළපාළි පැවැත්වෙන ස්ථාන මූලික කර ගනිමින් මාර්ග වැසීම සිදුවන නිසා විකල්ප මාර්ග භාවිත කරන ලෙසද පොලීසිය ඉල්ලා සිටියි.
එක්සත් ජාතික පක්ෂයේ මැයි රැළිය කොළඹ පී.ඩී සිරිසේන ක්‍රිඩාංගණය ඉදිරිපිට පැවැත්වෙන අතර, මැයි දින පෙළපාළියක් නොමැත.
ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මැයි දින රැළිය කොළඹ කැම්බල් පිටියේදී පැවැත්වෙන අතර, පෙළපාළියක් නොමැත.
සමගි ජනබලවේගයේ මැයි රැළිය පහල චැතම් විදියේදී පැවැත්වෙන අතර, සොන්ඩර්ස් පෙදෙසේ සිට මෙම ස්ථානය දක්වා පෙළපාළියක් පැවැත්වේ.
ජාතික ජනබලවේගය මැයි දින රැළි හතරක් පැවැත්වෙන අතර, කොළඹ නගරයේ මැයි දින රැළිය කන්නන්ගර මාවත උපාලි හෝටලය ඉදිරිපිටදී පැවැත්වෙන අතර, හැව්ලොක් පාරේ සිට මෙම ස්ථානයට පෙළපාළියක් පැවැත්වේ.
මීට අමතරව මාතර වෙරළබඩ උද්‍යානයේදී මැයි දින රැළියක් පැවැත්වෙන අතර, මාතර රාහුල විද්‍යාලය අසලින් පෙළපාළිය ආරම්භ වන අතර, යාපනය කන්දයිචොල් ශ්‍රවණාගාරයේදී රැලියක් පැවැත්වෙයි. එහි පෙළපාළියක් නැත.
අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී රැළියක් පැවැත්වෙන අතර, වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගණයෙන් පෙළපාළිය ආරම්භ වේ.
උත්තර ලංකා සභාගය හා ශ්‍රී ලංකාවේ කොමියුනිට්ස් පක්ෂයේ මැයි දින රැළිය කිරුළපන ලලිත් ඇතුලත්මුදලි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර, ශාලිකා පිටියේ සිට මෙම ස්ථානයට පෙළපාළියක් පැවැත්වෙයි. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ රැළිය හයිඩ්පාර්ක් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර, වයිට් පිටියේ සිට පෙළපාළියක් පැවැත් වේ.
ලංකා කම්කරු කොංග්‍රසයේ මැයි දින රැළිය කොටගල නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර, පෙළපාළිය හැරින්ටන් හංදියේදී ආරම්භ වේ. ලංකා කම්කරු ජාතික සංවිධානයේ මැයි දින රැළිය තලවකැලේ නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර, පෙළපාළිය තලවකැලේ මහජන බැංකුව අසලින් ආරම්භ වේ.
ලංකා සමසමාජ පක්ෂයේ මැයි දින රැළිය නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පිටියේදී පැවැත්වෙන අතර, පෙළපාළිය දෙල්කඳ හංදියෙන් ආරම්භ වේ. ප්රජාතන්ත්රවාදී තමිල් ජාතික සංවිධානයේ මැයි රැළිය මානිප්පායි ප්‍රදේශයේදී පැවැත්වෙන අතර, මනිප්පායි හන්දියෙන් පෙළපාළිය ආරම්භ වේ. ප්රජාතන්ත්රවාදී ජනතා කොංග්‍රසයේ මැයි දින රැළිය ජින්තුපිටිය නීතිරාජ උත්සව ශලාවේදී පැවැත්වේ.
වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන එකමුතුවේ ස්වාධීන මැයි දින රැළිය කොළඹ නව නගර ශලාවේදී පැවැත්වෙන අතර, එක්සත් සමාජවාදී පක්ෂයේ මැයි දින රැළිය කොස්ගස් හන්දියේ පැවැත්වේ. ජනමිත්‍ර මහජන සමූහයේ මැයි දින රැළිය කොළඹ මහජන පුස්තකාලයේදී පැවැත්වෙන අතර, නිදහස් වෙළෙඳ කලාප පොදු සේවක සං‘ගමය හා ලංකා වෙළෙඳ කාර්මික පොදු සේවක සංගමයේ මැයි දින රැළිය කොළඹ විහාර මහා දේවි උද්‍යානයේදී පැවැත්වෙයි. ලංකා බැංකු සේවක සංගමය හා එක්සත් කම්කරු සම්මේලනයේ රැළිය ස්ටැන්ලි ජැන්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින රැළිය ගම්පහ නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත් වේ.
මේ ආකාරයට දේශපාලන පක්ෂ හා වෘත්තීය සමිති විසින් අද දිනයේදී පොලිස් කොට්ඨාස 19ක, පොලිස් වසම් තිස්පහක් ආවරණය වන පරිදි මැයි දින රැළි හා පෙළපාළි 40ක් පැවැත්වීමට නියමිතව තිබේ. මේ අනුව කොළඹ නගරයෙහි රථවාහන හැසිරවීම සඳහා හා ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 6,000කට වැඩි ප්‍රමාණයක් යෙදවීමට කටයුතු කර තිබේ. කොළඹ නගරයේ පමණක් මැයි දින රැළි හා පෙළපාළි 14ක් පැවැත්වීමට නියමිතව තිබේ.