කලුතර ප්රදේශයේ මුස්ලිම් දේවස්ථානයක දිවා දේව මෙහෙයට පැමිණි පුද්ගලයකු තමන්ට රට ඉදි ලබානොදීම සම්බන්දයෙන් උරණවී දේවස්ථානයේ මව්ලවි තුමන්ට පහරදි ඇති බව පොලිසිය සදහන් කරයි .
මෙහිදී පහරකැමට ලක්ව ඇත්තේ කලුතර කටුකුරුන්ද මොහිදීන් ජුම්මා දේවස්ථානයේ මව්ලවි තුමන් බව සදහන් වේ.
සැකකරු තමන්ට රට ඉදි ලබානොදීම සම්බන්දයෙන් මව්ලවි තුමා සමග බහින්බස් වීමක් සිදුව ඇති බවත් පසුව පහරදි ඇති බවත් පැවසේ.
පහරකෑමට ලක්වූ මව්ලවි තුමා කලුතර නාගොඩ ශීක්ෂණ රෝහලට ඇතුලත්ව නේවාසික ප්රතිකාර ලබමින් සිටින බව රෝහල් ප්රකාශකයෙක් කීය.
සැකකරු කලුතර කටුකුරුන්ද ප්රදේශයේ පොඩි පල්ලිය අසල පදිංචි පුද්ගලයකු බවට හදුනාගෙන ඇති බවත්, ඔහු ප්රදේශය හැරගොස් ඇති බවත් පොලිසිය කීය.
පානදුර සුමිත් පොතුපිටිය