දෙහිවල, ගල්කිස්ස වෙරලතීරය පසුගිය දිනවල අනතුරු දායක ලෙස ගැවසුන කිඹලන් අතරින් අඩි 16 ක් පමණ දිග දැවැන්ත කිඹුලකු ධීවරයින් විසින් දැඩි පරිශ්රමයක් දරා අල්ලා අත්තිඩිය වනජීවි දෙපාර්තමේන්තුව නිලධාරීන් වෙත භාරදීමට කටයුතු කරනු ලැබ ඇතැයි ධීවරයින් කියා සිටී.
දෙස් විදෙස් විශාල සංචාරකයින් ගැවෙසන හා විසිතුරු මසුන් කිමිදුම් කරුවන් ඇල්ලීමට යන වෙරලතීරයක්ද වන මෙම කොටසේදී පසුගිය කාලයේ කිමිදුම් කරුවකු පවා ඩැහැගෙන ගොස් මරණයට පත්වී ඇති බවත් ,දෙහිවල පැරණි ගිලාබැස ඇති නැවක සුන්බුන් අසල ප්රදේශයේ ගැවසෙමින් සිටි මෙම කිඹුලා ධීවර බෝට්ටු යොදාගන ආරක්ෂක කේබල් යොදාගන අල්ලා ගොඩට ගෙනවිත් බැදදමා වනජීවී නිලධාරීන් කැදවා භාරදීමට කටයුතු කරනු ලැබ ඇති බවත් පසුගිය දිනවල තවත් කිඹුලන් දෙදෙනකු එම අසල සිටිනු දැක ඇති බවත් ධීවරයින් කියා සිටී.
මෙම කිඹුලන් ඇල ඉවුරු දිගේ පසුගිය දිනවල ගංවතුර සමග ගසාගන එන්නට ඇති බවටත් සැකකරන බවත් ධීවරයින් කියා සිටී .
දෙහිවල- එච්.එම්.ධර්මපාල
