2022 දෙසැම්බර් මාසයේදී ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය සියයට 59.2ක් දක්වා පහළ බැස ඇති බව ජන ලේඛණ හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙයි.
මේ අනුව ආහාර කාණ්ඩයේ උද්ධමනය සියයට 59.3ක් දක්වාත් ආහාර නොවන කාණඩයේ උදධමනය සියයට 59ක් දක්වාත් පහළ බැස තිබේ.
ප්‍රවාහන අංශයේ උද්ධමනය සියයට 103. 2ක් ලෙස දැක්වෙන අතර අවහන්හල් හා හෝටල් අංශයේ උද්ධමනය සියයට 69.5ක් ලෙස සටහන් වෙයි.
මේ අනුව මේ වසරේ ඔක්තෝබර් මාසයේ සිට ශ්‍රී ලංකාවේ උද්ධමනය ක්රමික පහළ යෑමක් පෙන්නුම් කරයි. 2021 දෙසැම්බර් මාසයේ උද්ධමනය15ක ආසන්න අගයක පැවැතියේය.
පසුගිය නොවැම්බර් මාසයේදී මෙරට උද්ධමනය සියයට 65ක් බවට පත්ව තිබුණි.