මේ වන විට ලැබෙන ආර්ථික දත්තයන්ට අනුව 2020 වසරේ දෙවැනි කාර්තුව තුළදී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය කෙරෙහිද කොවිඩ් 19 වසංගතය බලපෑම් එල්ල කරනු ඇතැයි මහ බැංකුව සඳහන් කරයි.
කෙසේ වෙතත් මුදල් හා රාජ්‍ය මූල්‍ය උත්තේජන ක්‍රියාමාර්ගවල සහාය සමග වසරේ දෙවැනි භාගයේදී ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත්වෙනු ඇතැයි විශ්වාස කරන බවත් මහ බැංකුව සඳහන් කරයි.
අපනයන ආදායමේ පහළ යෑම ඉක්වමා සිදුවූ ආනයන වියදම් පහළ යාමත් සමග 2020 මුල් මාස පහ තුළ වෙළඳ හිඟය අඩු වී ඇති බවට ඇස්තමේන්තු කර ඇති බවද මහ බැංකුව සදහමන් කරයි.
2020 ජුනි අවසන් වන විට දළ නිල විදේශ සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොල් බිලියන 6.7ක් වන අතර එය මාස 4.2ක ආනයන ආවරණ කර ගැනීමට ප්‍රමාණවත් බවද මහ බැංකුව වැඩිදුරටත් නිවේදනය කරයි.