ADA
www.ada.lk
2025 මාර්තු මස 07 වන සිකුරාදා
එංගලන්තයේ ධච් ආයුර්වේද ආයතනයේ හා මාලඹේ ධච් ආයුර්වේද රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය චන්න ජිනසේන මහතාට හා එහි අධ්‍යක්ෂිකා වෛද්‍ය ධනුෂ්කා ග්‍රේරෝ මහත්මියට අයත් පන්නිපිටිය පැලැන්වත්ත ඉදි ගහදෙණිය පාරේ පිහිටි පර්චස් දහයක භූමිය සහ අංග සම්පූර්ණ දෙමහල් නිවස සසුනට පූජා කිරීමේ ආදර්ශමත් පින්කමක් පේරාදෙණිය ශ්‍රී සුබෝධාරාම ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති විශ්ව කීර්ති ශ්‍රී ධර්ම විශාරද මහෝපාධ්‍යාය පණ්ඩිතාචාර්ය අති පූජ්‍ය වත්තේගම ශ්‍රී ධම්මාවාස ශ්‍රී ලංකා උඩරට අමරපුර නිකායේ ශාසන ජෝතික පාර්ශ්වයේ මහා නායක හිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ඉකුත් ඇසළ පුර පසළොස්වක පෝය දා සිදු කෙරිණි. වෛද්‍ය චන්න ජිනසේන මහතාගේ මියගිය ඒ.ජී.ජිනසේන පියාගේ ගුණානුස්මරණය කරමින් සසුනට පූජා කළ එම ස්ථානය පන්නිපිටිය පැලැන්වත්ත ශ්‍රී ජිනසේනාරාම ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය ලෙස නම්කර තිබේ. මේ පිළිබඳව උඩරට අමරපුර මහා නිකායේ ශාසන ජෝතික පාර්ශ්වයේ අනු නායක ධුරන්දර,මහා ලේඛකාධිකාරී ශාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍යපාද මාදිපොළ ධම්මික අනු නා හිමියන් විසින් පූජා ඔප්පුව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව වෛද්‍ය චන්න ජිනසේන මහතා ඇති එම පූජා ඔප්පුව මහා නාහිමියන් වෙත පිළිගන්වන ලදී. ශ්‍රී ජිනසේනාරාම ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය සසුනට පූජා කළ එම දිනයේදීම වෛද්‍ය යුවළ ඇතුළු දායක පින්වතුන් විසින් බෞද්ධ මධ්‍යස්ථානාධිපති දර්ශනපති පූජ්‍ය මැදිරිගිරියේ ශාසන රතන හිමියන් ඇතුළු මහා සංඝරත්නය විෂයෙහි වස් ආරාධනා කිරීමේ පින්කම ද සිදු කෙරිණි... මීට අමතරව වෛද්‍ය චන්න ජිනසේන මහතාගේ බිරිඳ වෛද්‍ය ධනුෂ්කා ග්‍රේරු මහත්මියගේ මියගිය පත්මා චන්ද්‍රලතා මවට පින් පිණිස මාතර කඹුරුගොඩ කොටවිල ප්‍රදේශයේ කෝටි ගණනක මුදලක් වැය කොට "පත්මා අරණ" නමින් ආරාමයක් ඉදිකොට එය 2022 වසරේදී මෙහෙණි සසුනට පූජා කර තිබීම විශේෂත්වයකි. ( I J)
ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න
popular news
නුගේගොඩ සිට මහනුවරට නිරුවතින් යතුරු පැදියකින් ගමන් කළ තරුණයෙක් අල්ලයි
හෑන්ඩ්ස් ෆ්‍රී දෙක නිසා ආ මරුවා
අවුරුඳු 40 ට වැඩි සෑම පුරවැසියෙක් ම නිශ්චිත කාලයකදි වෛද්‍ය පරීක්ෂණයකට
අපි මාස තුනට රු. කෝටි. 19000ක් ඉතුරු කළා
වැලිගම මූලස්ථාන පොලිස් පරික්ෂක අල්ලන්න නියෝග
ලක්ෂ්මන් යාපාගෙන් තවත් කරණමක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd