දෙනෝ දහසක් දෙනා බලා සිටියදී මෝටර් රථයෙන් පැමිණි සහසිකයෙක් කහතුඩුව අධිවේගී පිවිසුම අසලදී ගුවන් සේවා නිලධාරිනියකගේ ගෙල කපා ඝාතනය කර පලා ගොස් ඇතැයි කහතුඩුව පොලිසිය කියයි
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේපිළියන්දල මඩපාත ජබුරලිය පදිංචිව සිටි මා පිටියගේ දුලාංජලී අනුරුද්දිකා 42 එක් දරු මවකි
ඇය සිවිල් ගුවන් සේවා අධිකාරියේ රැකියාව නිමවා බස් රථයෙන් පැමිණ කහතුඩුව අධිවේගී පිවිසුමෙන් හොරණ කොළඹ මාර්ගයට පැමිණීමේදී මෝටර් රථයකින් පැමිණ තිබූ පුද්ගලයකු තියුණු ආයුධයකින් ගෙලට පහරදී පලා ගොස් තිබූ බව තොරතුරු ලැබුණු බව පොලිසිය කියයි.
බරපතළ තුවාල ලද ඇය වෑතර රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.
ඝාතකයා පැමිණි මෝටර් රථයේ ලියාපදිංචි අංකය ඔස්සේ සිදු කළ මූලික විමර්ශනවලදී එය අනුරාධපුර ප්රදේශයේ එකක් බවට මේ වනවිට අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.
අනියම් පෙම් සබඳතාවයක් මෙම ඝාතනයට හේතුව වී ඇති බව තොරතුරු ලැබී ඇතැයි පොලිසිය සඳහන් කරයි
ඇයට පීහි ප්රහාරය එල්ල කර ස්ථානයේ විශාල ලේ ධාරාවක් මාර්ගය පුරා ගලා ගොස් තිබිණි.