ජංගම දුරකථනය ආරෝපණය කිරීමට යාමේදී විදුලි සැරවැදී පස් හැවිරිදි දැරියක මියගොස් ඇති බව පයාගල පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ මග්ගොන මුංහේන ප්‍රදේශයේ පදිංචිව සිටී විහිගි නෙතාෂා නමැති දැරියක බව පොලිසිය කීය
මියගොස් ඇති දැරිය නිවසේදී ජංගම දුරකථනයක් ආරෝපණය කිරීම සදහා සූදානම් වීමේදී විදුලි සැර වැදී ඇති අතර , බේරුවල ප්‍රාදේශීය රෝහලට රැගෙන ගොස් ඇති අතර , ඇය මියගොස් ඇති බව වෛද්‍යවරුන් පවසා ඇති බව සදහන් වේ.
මෘතදේහය බේරුවල ප්‍රාදේශීය රෝහලේ තැන්පත් කර ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණය සදහා කළුතර ශීක්ෂණ රෝහලට යොමුකිරීම නියමිත බව සදහන් වේ.
පයාගල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වති.