දුම්වැටි සහ මද්‍යසාර භාවිතය නිසා දිනකට පුද්ගලයන් 100කට ආසන්න ප්‍රමාණයක් මරණයට පත් වන බව මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ADIC) සදහන් කරයි.
මෙරට තුල දෛනිකව සිදුවන මරණවලින් 10න් 8කටම බෝ නොවන රෝග (NCD) හේතුවන අතර එම රෝග ඇති වීමට බලපාන ප්‍රධාන සාධක 4න් 2ක්ම දුම්වැටි සහ මද්‍යසාර භාවිතය හේතු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය අංශ පෙන්වා දෙන බවද එම ආයතන පෙන්වා දෙයි.
දුම්වැටි සහ මද්‍යසාර භාවිතය සඳහා මෙරට පුද්ගලයින් දිනකට රුපියල් කෝටි 121 ක් වියදම් කරණ බවට අනාවරණය වි තිබෙන බවත් දුම්වැටි සහ මද්‍යසාර භාවිතය රටකට තව දුරටත් ආදායමක් නොවන බවද සදහන් කරයි.
2022 වර්ෂය තුළ සුරාබදු වශයෙන් රුපියල් බිලියන 165 බදු ප්‍රමාණයක් අයකර ගනු ලැබූවත් මද්‍යසාර භාවිතය නිසා එම වසරේ සෞඛ්‍ය සහ ආර්ථික වශයෙන් ඇති වූ පාඩුව රුපියල් බිලියන 237 ක් බවට සංඛ්‍යා ලේඛණ පෙන්වා දෙන බවද සදහන් කරයි.
මේ නිසා මේවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකන්ට මද්‍යසාර, දුම්වැටි පාලනය සහ මත්ද්‍රව්‍ය පාලනය සම්බන්ධයෙන් යෝජනා 12ක් යොමුකල බව එම ආයතනය පෙන්වා දෙයි.
මද්‍යසාර හා මත්ද්‍රව්‍ය භාවිතය නිසා ආර්ථිකමය, සෞඛ්‍යමය හා සමාජීයව ගැටලු රාශියකට රටක් වශයෙන් මුහුණ දීමට සිදුවී තිබෙන බවද පෙන්වා දෙයි.
මෙම ගැටලු පාලනය කිරීමට රජයට හැකියාවක් තිබෙන බවත් මෙරට 9 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම වෙනුවෙන් පැවැත්වෙන ජනාධිපතිවරණයලබන මස 21 වන දින පැවත් වෙන අතර ඒ අනුව සෑම ජනාධිපති අපේක්ෂකයෙකුම ප්‍රතිපත්ති ප්රකාශනවල මධ්‍යසාර හා දුම්වැටි සම්බන්ධයෙන් සදහන් කරන ලෙසටත් ඉල්ලා සිටින බවද එම ආයතනය සදහන් කරයි.