උඩරට දුම්රිය මාර්ගයේ පැරකුම්පුර අබේවෙල දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ 33/40 අසලදී දුම්රිය මාර්ගයේ දුම්රිය යකඩ පීල්ලක් දෙකට කැඩී යාමෙන් එම අවස්ථාවේ කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ අංක 1001 දුන්හිඳ ඔඩිසි දුම්රිය නවතා ගනිමින් සිදු වීමට ගිය විශාල දුම්රිය අනතුරක් රාජකාරියේ නිරතව සිටි දුම්රිය සංචාරක මුරකරුවෙකු විසින් වහා ක්රියාත්මක වී වලකා ගෙන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි .
වැලිමඩ දිවිතොටවල ප්රදේශයේ පදිංචි දුම්රිය දෙපාර්තමේන්තුවේ මාර්ග අංශයේ දුම්රිය සංචාරක මුරකරුවෙකු ලෙස සේවය කරන දිනේෂ් කුමාර (30) නැමති තරුණ දුම්රිය සේවකයා මෙම ආදර්ශවත් සද් ක්රියාව සිදු කර ඇත.
පැරකුම්පුර අබේවෙල දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ නොම්මර 2 කොටසේ මොහු සේවය කරයි.
මොහු පැරකුම්පුර සිට අබේවෙල දක්වා සංචාරක මුරකරුවෙකු ලෙස දුම්රිය මාර්ග රාජකාරියේ නිරතව සිටියදී දුම්රිය මාර්ගයේ අංක 33/40 ආසන්නයේදී බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ අංක 1006 පොඩිමැනිකේ දුම්රිය පසුකර ගොස් ඇති අතර , මොහු ඉදිරියට පා ගමනින් ගමන් කරමින් සිටියදී ඒ අසල දුම්රිය මාර්ගයේ දුම්රිය යකඩ පීල්ලක් දෙකඩ වී තිබෙන අයුරු දැක.අදාළ දුම්රිය බලධාරීන් ට වහා දැනුම් දී තිබේ .
මේවනවිටත් කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වන අංක 1001 දුන්හිඳ ඔඩිසි දුම්රිය පැරකුම්පුර දුම්රිය ස්ථානය පසුකර බදුල්ල බලා ගමන් කරමින් තිබූ අතර වහා රතු කොඩීයක් අතට ගත් දුම්රිය සංචාරක මුරකරු දිනේෂ් කුමාර දුම්රිය පැමිණෙන දෙසට ඉදිරියට ගොස් රතු කොඩිය වනා ධාවනය වෙමින් තිබූ දුන්හිඳ ඔඩිසි දුම්රිය නවතා ගනු ලැබූහ .මේවනවිටත් එම දුම්රියේ මැදිරි දෙස් විදෙස් සංචාරකයන්ගේ න් පිරීගොස් තිබින.
සිදුවිමට ගිය විශාල දුම්රිය අනතුරක් වලකා ගත් දිනේෂ් කුමාර පසුව එම අවස්ථාවේ එදින තාවකාලිකව ඊට තරමක් නුදුරින් පිහිටුවාගෙන තිබූ දුම්රිය මාර්ග අංශයේ වැඩපලේ සේවක පිරිස දැනුවත් කර වහා ක්රියාත්මක වී දුම්රිය මාර්ගයේ දෙකට කැඩී වෙන්වී තිබූ අගල් නවයක පමණ කොටසේ යකඩ පීල්ල සකස් කර දුම්රිය මාර්ගය පිළිසකර කර දුම්රිය ධාවනයට ඉඩ කඩ සලසා දීමට කටයුතු කලහ .
ඉතාමත් ආදර්ශවත් සද් ක්රියාවක් මෙන්ම වටිනා සේවයක් කරමින් දුම්රිය දෙපාර්තමේන්තුව ට කීර්ති නාමයක් ගෙන දුන් දිනේෂ් කුමාර (30) පවසනුයේ මම එදින සංචාරක මුරකරු රාජකාරියේ නිරතව සිටියදී පැරකුම්පුර අබේවෙල දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ දී බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ අංක 1006 පොඩිමැනිකේ දුම්රිය පසුකර ගියා.මම දුම්රිය මාර්ගය ඔස්සේ ඉදිරියට අබේවෙල දෙසට ගමන් කරමින් සිටියදී දුම්රිය මාර්ගයේ 33/40 කනුව අසලදී දුම්රිය මාර්ගයේ දුම්රිය යකඩ පීල්ලක් දෙකඩ වී තිබෙනවා දැක්කා .යකඩ පීල්ලේ අගල් 9ක පමණ කොටසක් කැඩී වෙන්වී තිබුනා. පොඩිමැනිකේ දුම්රිය ගියට පසුව තම්යි එම යකඩ රේල් පීල්ල කැඩිලා තිබෙන්නේ.
ඒ සමගම අදාළ නිලධාරීන් දැනුවත් කලා .මේ වෙලාවේ කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වන අංක 1001 දරන දුන්හිඳ ඔඩිසි දුම්රිය පැරකුම්පුර දුම්රිය ස්ථානය පසුකර ඉදිරියට ධාවනය වෙමින් තිබුනා .
මම අනතුර හගවන රතු කොඩිය වනමින් දුම්රිය ඉදිරියට දිව ගිහින් ඔඩිසි දුම්රිය නවතා ගත්තා .ඒකෙන් විශාල අනතුරක් වලකා ගන්න පුලුවන් වුනා .පසුව දුම්රිය මාර්ග අංශයේ සේවකයන් විසින් දුම්රිය මාර්ගයේ කැඩී වෙන්වී තිබූ යකඩ දුම්රිය පීල්ල පිළිසකර කර ප්රමාදයකින් තොරව දුන්හිඳ ඔඩිසි දුම්රිය ධාවනය කිරිමට අවස්ථාව සලසා දුන්නා.
මෙවැනි තරුණ දුම්රිය සේවකයන් ශ්රී ලංකා දුම්රිය සේවයට වටිනා සම්පත් ය.
ඇල්ල ප්රසාද් රුක්මල්