දුම්රිය ස්ථානාධිපතිවරුන්ට ඇති වී තිබෙන ගැටලු දෙකකට දින 14ක් තුළ විසඳුම් ලබා දීමට කටයුතු නොකළහොත් වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය සඳහන් කරයි.
මේ අනුව ඉදිරි දින 14 තුළදී යෝජිත බඳවා ගැනීමේ පටිපාටිය අනුමත කර, වසර පහෙන් පහට උසස් වීම් ලබා දෙන ක්‍රමවේදය ක්‍රියාත්මක කරන ලෙසටඅද (08දා) දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබේ.
දුම්රිය ස්ථානාධිපතිවරුන්ට වසර පහෙන් පහට ශ්‍රේණි උසස් වීම් ක්‍රමවේදය සහ සංශෝධනය විය යුතු අනෙකුත් කරුණු ඇතුළත් කර සකස් කරන ලද බඳවා ගැනීමේ පටිපාටිය මෙතෙක් එය අනුමත කර නොමැති බවද පෙන්වා දෙයි.