වර්තමානය වන විට දුම්රිය රියදුරන් 186 දෙනෙකුගේ පුරප්පාඩු තිබෙන බවත්, දුම්රිය රියදුරන් 2017 වසරේ සිට බඳවා ගෙන නොමැති බවත් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී (කෝපා) අනාවරණය විය.
ඒ අනුව දුම්රිය දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු සඳහා අභ්‍යන්තර උසස්වීම් ක්‍රියාවලිය වේගවත් කරන ලෙස කෝපා සභාපතිවරයා වෙනුවට මුලසුන දැරූ පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කෝපා කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේදී මෙම උපදෙස් ලබා දුන්නේය.
මෙම අවස්ථාවේදී කෝපා සභාපති ලසන්ත අලගියවන්න මහතා ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා වීම හේතුවෙන් වැඩකටයුතු කර ගෙන යෑමට වීරසුමන වීරසංහ මන්ත්‍රීවරයාට මුලසුන ලබා දී කමිටුවෙන් පිටත්ව ගියේය.
කමිටු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය - කාර්ය මණ්ඩලයේ අනුමත සේවක සංඛ්‍යාව 20,604ක්. පුරප්පාඩු තියෙනවා 6,223ක්. ඒ පුරප්පාඩු බොහොමයක්ම තියෙන්නේ අවශ්‍යම තනතුරුවල. ද්වීතීක මට්ටම, තුන්වැනි මට්ටම සහ ජ්‍යෙෂ්ඨ මට්ටමේ තමයි පුරප්පාඩු තියෙන්නේ. නමුත් අතිරික්තය තියෙනවා ප්‍රාථමික, අනියම් සහ කොන්ත්‍රාත්. මේ කාර්ය මණ්ඩල ප්රශ්නය විසඳන්නේ නැතිව ආයතනයක් දුවන්නේ කොහොමද?
ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ගංගානාත් රූබසිංහ - පසුගිය කාලය තුළ විශේෂිත තනතුරුවලට බඳවාගැනීම් සිදු කරලා නෑ. ඉතාමත් සීමිත බඳවා ගැනීම් තමයි කරලා තියෙන්නේ. මේ සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යාශයත්, දුම්රිය දෙපාර්තමේන්තුවත් දිගින් දිගටම කටයුතු කරලා තියෙනවා. නමුත් රාජ්‍ය ප්‍රතිපත්තිය මත බඳවා ගැනීම් සීමා කළ නිසා බඳවා ගැනීම් අවම වෙලා තියෙනවා. අපි ඉල්ලා සිටිනවා කාර්මික ක්ෂේත්රයට, දුම්රිය රියදුරු සේවයට සහ ගාඩ්වරුන්ගේ සේවයට බඳවා ගන්න අවසර දෙන්න කියලා.
කෝපා සභාපති වෙනුවට මුලසුන දැරූ පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ - අත්‍යවශ්‍ය බඳවාගැනීම් සිදු කරන්න එපා කියලා නෑ. මේ තුළ දුම්රිය දෙපාර්තමේන්තුව කඩා වැටෙනවා නම් ඒක රජයට සහ රටට ප්‍රශ්නයක්.
මුදල් අමාත්‍යාංෂයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්යන්ෂ මදාරා ද සිල්වා -පසුගිය අවුරුදු දෙක පුරාම බඳවාගැනීමේ කමිටුවටයි, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවටයි වරින් වර ඉල්ලීම් ඉදිරිපත් වුණා. ඒ අනුව බඳවා ගැනීමේ සමාලෝචන කමිටුවෙන් අවසර දුන්නා. අත්‍යවශ්‍ය තාක්ෂණින තනතුරුවලට අනුමැතිය දුන්නා වරින් වර. අපි මුලින්ම කිව්වේ අභ්‍යන්තර වශයෙන් පුරප්පාඩු පුරවන්න කියලා. එළියෙන් බඳවා ගන්න කලින්. මැයි මාසයේ දුම්රිය එංජින් රියදුරු, අධීක්ෂණ කළමනාකරු, දුම්රිය නියාමක වගේ තනතුරු පිටින් ගන්නත් අවසර දුන්නා. ඒකෙදි 208ක් ගන්න අවසර දුන්නේ.
කෝපා සභාපති වෙනුවට මුලසුන දැරූ පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ -අනුමැතිය ලැබුණු ඒවට බඳවා ගැනීම් කරලා තියෙනවාද?
ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ අතිරේක සාමාන්‍යාධිකාරී(පරිපාලන) කුසලානී ද සිල්වා - අනුමැතිය ලැබුණු තනතුරුවලට බඳවා ගැනීමේදී දුම්රිය ස්ථානාධිපතිවරුන් බඳවා ගැනීම සිදු කරලා තියෙනවා. දුම්රිය එන්ජින් රියදුරු අභ්‍යන්තර බඳවා ගැනීම් සඳහා විභාග පවත්වන්න අයදුම්පත් කැඳවලා ඒ කටයුතු ආරම්භ කරලා තියෙනවා. තවත් අත්‍යවශ්‍ය සේවාවල බඳවා ගැනීම් කරන්න අපි අනුමැතිය ඉල්ලලා තියෙනවා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවෙන්. ඉන්පසු උපදෙස් ලැබුණා අගමැති ලේකම්තුමාගේ කමිටුවෙන් අනුමැතිය ගන්න කියලා.ඒක ඉදිරිපත් කරලා තියෙනවා. අනුමැතිය ලැබුණු සැනින් බඳවා ගැනීම් සිදු කරනවා එන්ජින් රියදුරු, ගාඩ්ස් සහ තාක්ෂණික අංශයේ තනතුරුවලට.
කෝපා සභාපති වෙනුවට මුලසුන දැරූ පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ - ලේකම්තුමා මේකේ පසු විපරමක් කරලා වාර්තාව ඒ කමිටුවට ලබා දෙන්න. ඒ වගේම මේ තනතුරු වලට පිටින් අරන් හරියන්නේ නෑ. ඒ අනුව අභ්‍යන්තර උසස්වීම් ක්‍රියාවලිය වේගවත් කරන්න. ඒ සඳහා ක්‍රියාවලියක් සිදු වෙනවාද?
ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ අතිරේක සාමාන්‍යාධිකාරී(පරිපාලන) කුසලානී ද සිල්වා - උසස්වීම් ක්‍රියාවලියේදී මතු වෙලා තියෙන ගැටලු රාජ්‍ය පරිපාලන කොමිෂන් සභාවත් සමග අපි සාකච්ඡා කළා. ඒ අනුව ඔවුන්ගේ උපදෙස් පරිදි කටයුතු කරගෙන යනවා.
කමිටු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ - දුම්රිය රියදුරු පුරප්පාඩු කොපමණ ප්‍රමාණයක් තියෙනවාද?
ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ අතිරේක සාමාන්‍යාධිකාරී(පරිපාලන) කුසලානී ද සිල්වා - දුම්රිය රියදුරු පුරප්පාඩු 186ක් තියෙනවා. අනුමත කාඩර් එක 458යි. දැනට සේවයේ යෙදිලා ඉන්නේ 272යි. අලුතින් ගත්තම රියදුරෙක් පුහුණුවිම් කරන්න අවුරුදු 3ක් යනවා. අද බඳවා ගත්තත් අවුරුදු 03කින් තමයි සේවයට යොදවන්න වෙන්නේ.
කමිටු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක කොපමණ කාලයකින් බඳවාගෙන නැද්ද?
ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ අතිරේක සාමාන්‍යාධිකාරී(පරිපාලන) කුසලානී ද සිල්වා - 2017 අන්තිමට බඳවා ගත්තේ. 2024 ඉදලා 2027 වෙනකන් විශ්‍රාම යන සෑම තනතුරකටම විශ්‍රාම යන ප්‍රමාණය කොපමණද, බඳවා ගන්න ඕනැ කොපමණද කියලා පුරෝකථනය කරලා සැලැස්ම හදලා ති