නවීකරණ කටයුතු සිදු කෙරෙමින් පවතින උතුරු දුම්රිය මාර්ගයේ මහව සිට අනුරාධපුර දක්වා කොටසේ පරීක්ෂාවක් සඳහා පැමිණි පරීක්ෂණ දුම්රියක, එන්ජිමේ තිබූ ඩීසල් ලීටර් 60ක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක ආරම්භ කල බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.
අදාළ දුම්රිය මීට දින තුනකට පෙර අනුරාධපුර දුම්රිය ස්ථානය වෙත පැමිණ තුන්වන වේදිකාවේ නවතා තිබූ බව පොලිසිය කියයි.
මෙම දුම්රිය පැමිණි දිනයේදීම නැවත පිටත්ව යාමට කාල සටහන් යොදා තිබුනත්,
එය පසුදා යළි ගමන් කිරීමට අදාල බලධාරීන් කටයුතු කල අවස්ථාවේදී මෙම සොරකම පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති බව පොලිසිය කියයි.
අනුරාධපුර දුම්රිය ස්ථානයට නුදුරින් පිහිටි ක්රීඩා පිටියක ඩීසල් පිරවූ බූලි දෙකක් තිබෙන බවට ලැබුණු තොරතුරකට අනුව, එහි තිබී ඩීසල් ලීටර් හැටක ප්රමාණයක් සොයා ගැනීමෙන් අනතුරුව, එය නඩු භාණ්ඩ ලෙස පොලිසියට රැගෙන ආ බවද පොලිසිය කියය
මෙම ඩීසල් සොරකම සඳහා දුම්රිය ආරක්ෂක අංශ සාමාජිකයෙකු සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇති බවත් ඊට සම්බන්ධ සැකකරුවෙකු හෝ පිරිසක් සොයා පොලිස් නිලධාරීහු කණ්ඩායමක් විමර්ශන සිදු කරන බව පොලිසිය වැඩි දුරටත් සඳහන් කළේය.