දුම්රිය E ටිකට් පත් චංවාව සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන සහ පරීක්ෂණවලට අනුව සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා සඳහන් කළේය.
ඇල්ල ඔඩිසි දුම්රියේ E ටිකට් වංචාව සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන සිදුකරන බවද පැවසීය.
මේ අනුව ත්‍රිකුණාමලය ප්‍රදේශයේදී දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු තාක්ෂණික නිලධාරිවරයෙකුව, දුම්රිය E ටිකට් 92ක් සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් පෙරේදා (22දා) අත්අඩංගුවට ගෙන තිබෙන බවද සඳහන් කළේය.
ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් අනුව, මෙම ටිකට් පත් සංචාරකයන්ට සහ අනෙකුත් සංචාරකයන්ට වැඩි මුදලට විකිණීම සඳහා ළඟ තබා ගත් බවට කරුණු අනාවරණය වී ඇති බවද පැවසීය.
එමෙන්ම මෙම සිදුවීමට සම්බන්ධ තවත් සැකකරුවෙකු මාතලේ ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බවද සඳහන් කළේය.
මීට අමතරව මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් ඔවුන්ට ලත් තොරතුරකට අනුව, E ටිකට්පත් 29ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකුද අත්අඩංගුවට ගත් බවද පැවසීය.
සැකකරු සන්තකයේ තිබී රුපියල් 131,000කට ආසන්න මුදලක් පොලිස් භාරයට ගෙන තිබෙන අතර, මෙම සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබෙන බවද පවසා සිටියේය.
මෙම පුද්ගලයන්ට E ටිකට් පත් ලබාදුන් පුද්ගලයන් සොයාගැනීම සඳහාත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් පරීක්ෂණ පවත්වන බවද පැවසීය.
මේ අනුව, චංවාව සිදුකර මෙම ටිකට් පත් වෙනත් පාර්ශ්වයන් වෙත ලබාදුන් තැනැත්තන් සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරයි.