නව ගාස්තු සංශෝධනය යටතේ දුම්රිය දෙපාර්තමේන්තුවේ ආදායම සියයට 150කින් වැඩි වුණත් එය ප්‍රමාණවත් වන්නේ දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය ධාවනය සඳහා වන ඉන්ධන වියදම ආවරණය කිරිමට පමණක් බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු ප්‍රකාශ කළේ ජනවාරි මාසයේ තිබූ රුපියල් මිිලියන 400ක් වූ මාසික දුම්රිය ආදායම අගෝස්තු මාසය වන විට රුපියල් මිලියන 1000ක් දක්වා වර්ධනය වූ බව අමාත්‍යවරයා පැවැසීය.
කෙසේ වෙතත් දුම්රිය දෙපාර්තමේන්තුවේ වැටුප් හා අතිකාල දීමනා ගෙවීම මෙම වැඩිවූ ආදායම මගින් සිදු කිරිමට නොහැකි බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ වැටුප් වෙනුවෙන් වාර්ෂිකව රුපියල් බිලියන 7ක් අතිකාල සඳහා රුපියල් බිලියන 2.6 ක් වැය වන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.