ගල්කිස්ස මහ හෝටලය අසල ඇති මගී පාලම යටදී 24 වනදින උදෑසන 10.30 ට පමණ ගල්කිස්ස දෙස සිට කොළඹට ධාවනයවූ දුම්රියකින් වැටී සිහි නොමැතිව බරපතල තුවාල සහිතව දුමිරිය මාර්ගයේ වැටී සිටි කාන්තාවක ගල්කිස්ස පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් විසින් හදිසි ප්රතීකාර ලබාදී 1990 ගිලන් රථයකින් දකුණු කොළඹ ශීක්ෂණ රෝහල වෙත යැවීමට කටයුතු කරනු ලැබ ඇතැයි ගල්කිස්ස පොලීස් ජීවිතාරක්ෂක ඒකකයේ ප්රකාශකයෙකු පැවසීය .
මෙම නීලධාරී මහතූන් එදින උදෑසන වෙරළට ජීවිතාරක්ෂක කටයුතු සදහා යන අතර වාරයේ දුම්රිය මාර්ගය අයිනේ හිසට බරපතල තූවාල සිදුවී සිහි නොමැතිව වැටී සිටි මෙම කාන්තාව දැක වහා ක්රියාත්මක වි තිබේ.
මෙම කාන්තාව වැටී සිටි ස්ථානයේ හෝ ඇය.සන්තකයේ හදුනා ගැනීමේ කිසිදු ලියකියවිල්ලක්ද නොතිබූ බැවින් හදුනාගත නොහැකි බවත් වයස අවුරුදු 22,23 පමණ වියහැකි බවත් පොලීසිය කියයි.
මෙම කාන්තාව මෙලෙස හමු නොවන්නට අධික ලෙස ලේ වහනයෙන් මියයනනට පවා ඉඩ තිබූ බවත් පෝලීසිය කියයි. වැඩිදුර විමර්ශන කටයුතු ගල්කිස්ස පොලීසිය විසින් සිදුකරගන යනු ලබයි .