2024 සැප්තැම්බර් 21 වෙනිදින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට අදාළව ලංකා ගමනාගමන මණ්ඩලයේ මුතුර් ඩිපෝවේ පැවැති ඡන්ද මධ්‍යස්ථානයේදී ඡන්ද පත්‍රිකාව ඡායාරූප ගත කළ රියදුරෙකු මුතුර් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය කියයි. සැකකරු සන්තකයේ තිබූ ජංගම දුරකථනයද පොලිස් භාරයට ගෙන ඇත.
සැකකාර රියදුරු ඉකුත් 6 වෙනිදින තැපැල් ඡන්ද දායකයකු ලෙස එම ඡන්ද මධ්‍යස්ථානයට ඇතුළු වී ඡන්දය සලකුණු කර මැතිවරණ නීති උල්ලංඝනය කරමින් එම තැපැල් ඡන්ද පත්‍රිකාව ජංගම දුරකථනයෙන් ඡායාරූප ගත කළ බව එම ඡන්ද මධ්‍යස්ථානයේ සහතික කිරීමේ නිලධාරීවරයා කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 32 ක් වන සේරුනුවර පදිංචිකරුවකි. සැකකරු පොලිස් ඇප මත මුදාහැර ඇති අතර අද (9) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
මුතුර් පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ ජි අයි යු කේ සෝමනුවර මහතාගේ උපදෙස් මත විමර්ශන ක්‍රියාත්මකය.
ත්‍රිකුණාමලය චමෝද්‍යා/බිමල් ශ්‍යාමන්