ග්‍රාම නිලධාරීන්ගේ අනුමත දීමනා මෙම වර්ෂය තුළදී ලබා දීමට බලධාරීන් කටයුතු නොකළහොත් ඉදිරි මැතිවරණ සදහා බලපෑමක් සිදුවිය හැකි බව සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිලධාරි සංගමයේ ජාතික සංවිධායක සුජීව ලියනගේ මහතා පවසයි.
දැනට අනුමත කර ඇති සේවා ව්‍යවස්ථාව ගැසට් කිරීමෙන් වැලකී, සංශෝධන සහිත ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති බල මණ්ඩලය විසින් ඉදිරිපත් කරන ලද සේවා ව්‍යවස්ථාව අනුමත කරන ලෙස ඉල්ලා පසුගිය 26 දින සිට ඊයේ 28 දින රාත්‍රි 8.00 දක්වා සියලු රාජකාරිවලින් ඉවත්ව මේ වනවිට සියලුම ග්‍රාම නිලධාරින් විසින් වෘත්තීය ක්‍රියා මාර්ගයක නියැලී සිටිය.
සිය ග්‍රාම සේවා වසම තුල රාජකාරී සඳහා මාසයකට ලබා දෙන රුපියල් 600 දීමනාව ප්‍රමාණවත් නොවන බැවින් මේ වන විට කමිටුවක් මගින් අනුමත කර ඇති දීමනා ලබන වර්ෂයේ අයවැය වන තෙක් නොසිට වහාම, මෙම වර්ෂය තුළදී ලබා දීමට කටයුතු කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත්, මේ සඳහා ප්‍රතිචාර නොලැබුණහොත් ඉදිරියේදී අඛණ්ඩ වැඩ වර්ජනයක් සඳහා යොමු වන බවත් සමස්ත ලංකා ග්‍රාම නිලධාරි සංගමයේ ජාතික සංවිධායකවරයා මෙහිදී සදහන් කලේය.
මෙම ග්‍රාම නිලධාරීන්ගේ ගැටලු සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවත් එහිදී ඊට නිසි පියවර නොලැබුණහොත් රට පුරා ග්‍රාම සේවා වසම් දාහතර දහස් විසිදෙකක් (14022) තුල සිටින දොළොස් දහස් පන්සීයක් පමණ වන ග්‍රාම නිලධාරීන් සියලුම දෙනා අඛණ්ඩ වැඩ වර්ජනයක් සඳහා යොමුවන බවද එම සංගමයේ ජාතික සංවිධායකවරයා වැඩි දුරටත් සදහන් කලේය.