දිවයින පුරා දිසා අධිකරණ සහ මහෙස්ත්රාත් අධිකරණ වල සේවය කළ දිසා විනිසුරුවරුන් හා මහෙස්ත්රාත්වරුන් පනස්හතර දෙනෙකුට 2024 වර්ෂය සඳහා සේවා ස්ථාන මාරූ වීම් ලබාදී ඇතැයි අධිකරණ සේවා කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ස්ථාන මාරූ වීම් ලබාදී ඇති විනිසුරුවරුන් 2024 වසරේ ජනවාරී මස පළමුවැනිදා සිට නව සේවා ස්ථාන වල රාජකාරී කටයුතු ආරම්භ කරන බව අධිකරණ සේවා කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කරයි.
දිසා විනිසුරුවරුන් 26 දෙනෙකුටද මහෙස්ත්රාත්වරුන් 27දෙනෙකුටද එලෙස සේවා ස්ථාන මාරූ වීම් සිදු කොට ඇති බවද අධිකරණ සේවා කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කරයි.