ජනතාවට අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා දිවයිනේ සියළුම ඹෟෂධ අලෙවි සැල් අද සිට සෑම දිනකම විවෘතව තබන ලෙස අත්‍යවශ්‍ය සේවා පිළිබඳ ජනාධිපති කාර්යය සාධක බලකාය නිවේදනය කරයි.
අද පෙරවරුවේ දිවයිනේ බොහෝ ප්‍රදේශ වල ඖෂධ අලෙවිසැල් විවෘත කිරීමත් සමඟ ජනතාව විශාල වශයෙන් ඖෂධ අලෙවිසැල් වෙත පැමිණෙන අයුරු දැකගත හැකිවුණු අතර රට තුළ පවත්නා වාතාවරණය හමුවේ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයිමට රජය ගෙනයන වැඩපිළිවෙළ යටතේ දිවයිනේ සියළුම ඹෟෂධ අලෙවි සැල් අද සිට සෑම දිනකම පෙ.ව 9.00 සිට ප.ව.5.00 දක්වා විවෘත කර තබන ලෙස අත්‍යවශ්‍ය සේවා පිළිබඳ ජනාධිපති කාර්යය සාධක බලකාය දැනුම් දී ඇත.