මව්බිම ජනතා පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා අනිද්දා (04දා) ප්‍රකාශයට පත් කරන බව එම පක්ෂනය ‘අද’ පුවත්පතට සඳහන් කළේය.
ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස හිටපු ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ සහ ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නම් යෝජනා වී ඇති අතර, දිලිත් ජයවීර මහතා ඉදිරිපත් කිරීමේ වැඩි ඉඩක් ඇති බව සඳහන් වේ.
ඒ අනුව අනිද්දා දිනයේදී මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 08 දෙනෙකු ඇතුළුව පක්ෂ සාමාජිකයන් එක් වීමට නියමිතව ඇත.
ඒ අනුව ජාතික ජන බලවේගයේ නායක විමල් වීරවංශ, ජයන්ත සමරවීර, ගාමිණි වලේබොඩ යන මන්ත්‍රීවරුන්ද පිවිතුරු හෙළඋරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, නව වාමාංශික පෙරමුණේ හිටපු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර, යුතුකම සංවිධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග, කොමියුනිස්ට් පක්ෂයේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන යන මහත්වරුන් මෙම අවස්ථාවට එක්වීමට නියමිතය.