දිවයිනේ ස්ථාන හතරකදී ඊයේ සිදුවූ දිය අනතුරු හතරකින් පුද්ගලයන් හත් දෙනෙක් මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
මේ අනුව දැදුරු ඔයේ දිය නෑමට ගිය මවක හා ඇගේ දරුවන් දෙදෙනා ඊයේ දිනයේදී දියේ ගිලී මියගොස් තිබුණි.
ඉත්තෑපානයේදි අලියා වැටුණු වලේ දිය නෑමට ගිය මහජන පරික්ෂකවරුන් දෙදෙනෙකුද දියේ ගිලී මිය ගොස් තිබුණි.
කල්පිටියේදි ධිවර රැකියාවක නිරතව සිටි පුද්ගලයෙක්ද ධිවර රැකියාවේ නිරතව සිටියදී මුහුදේදි දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබුණි.
මාරවිල කුරුස පල්ලිය අසලේදි මුහුදේදී දිය නාමින් සිටි තරුණයෙක් දියේ ගිලි අතුරුදන්ව තිබේ.