කොරෝනා ආසාදිත රෝගීන් ඇසුරු කිරීම නිසා කොරෝනා වෛරසයට ගොදුරු වී ඇතැයි සැකපිට රත්නපුර මුද්දුව හා පැල්මඩුල්ල ප්‍රදේශයේ පුද්ගලයින් හැටහත් දෙනකු නිරෝධායන ක්‍රියාවලිය සඳහා අද (9) දියතලාව නිරෝධායන මධ්‍යස්ථානය වෙත ඇතුළත් කළ බව දියතලාව යුද හමුදාව පවසයි.
යුද හමුදාව අධීක්ෂණය යටතේ මෙම පිරිස කහගොල්ල ලටෙක් ඉංජිනේරු කාර්මික ආයතන මධ්‍යස්ථානයේ දී දින 21 ක් නිරෝධායනය සඳහා යොමු කළ බව යුද හමුදාව සඳහන් කරයි.
රත්නපුර මුද්දුව මැණික් ව්‍යාපාරිකයාගේ සාමාජිකයින් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදිත වීම නිසා ඔවුන් ඇසුරු කළ පුද්ගලයින් කඳවුරු ගතව නිරෝධායන ක්‍රියාවලියට යොමු කිරීමට සෞඛ්‍ය අංශ ගත් තීරණය අනුව දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයට මෙම පිරිස රැගෙන විත් තිබේ .
එස්.පි නානායක්කාර