නිරෝධායනය සඳහා මේ වන විට දියතලාව කඳවුරුවලට පැමිණ අවසන් කණ්ඩායමත් සිය නිරෝධායන ක්‍රියාවලිය සාර්ථකව අවසන් කර අද (3) පෙරවරුවේ සිය නිවෙස් බලා පිටත්වූ බව දියතලාව යුද හමුදාව පවසයි.
අද දින තිස් තුන් දෙනකු සිය ගම්බිම් බලා පිටත්ව ගිය බව ද විටින් විට පැමිණි 446 දෙනෙකු මධ්‍යස්ථාන හතරක නිරෝධායන ක්‍රියාවලිය සාර්ථකව අවසන් කර ඇති බව ද යුද හමුදාව පවසයි.
ඉතාලිය දකුණු කොරියාව බ්‍රිතාන්‍යය ඇමරිකාව වැනි රටවල සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් මෙම මධ්‍යස්ථාන වල නිරෝධායනය වූහ.
නිරෝධායනය වීමට අවශ්‍ය වී ඇත්නම් කිසිදු බියකින් තොරව ඒ සඳහා මුහුණ දෙන ලෙසත් බිය වීමට කිසිදු හේතුවක් නොමැති බවත් නිරෝධායනය වූවෝ අප සමඟ පැවසූහ.
සමන් පාලිත නානායක්කාර