අනුරාධපුර රාජධානියෙන් අනතුරුව පවතින විශාලතම සිද්ධස්ථානය වන ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනය සංවර්ධනය කරමින් කෞතුකාගාරයක් පිහිටුවා දැනට දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට ලැබෙන විශාල විදුලි බිල අවම කරමින් ඒ සඳහා විකල්ප ක්‍රමයක් හඳුනාදීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 31 වෙනිදා ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ සේනාසනාධිපති දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් බැහැදකිමින් සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 31 වෙනිදා සවස මනම්පිටිය මෛත්‍රී ක්‍රීඩාංගණයේ පැවැත්වීමට සූදානම් කර තිබූ ජන
ජනරැළියට සහභාගි වීමට පෙර ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනය වැඳ පුදා ගනිමින් ආරණ්‍ය සේනාසනාධිපති දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් බැහැදුටුවේය.
ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධි දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් සමඟ සුහද පිළිසඳරක යෙදුණු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනය ලංකාවේ සුවිශේෂී බෞද්ධ සිද්ධස්ථානයක් වන බවත්, එය කඩිනමින් සංවර්ධනය කිරීමට තම රජයක් යටතේ බලාපොරොත්තු වන බවත්, පවතින සංස්කෘතික, ආගමික, මෙන්ම ජාතික උරුමයන් ආරක්ෂා කර ගැනීමට දිඹුලාගල විශේෂ කෞතුකාගාරයක් ඉදිකිරීමටද ජනාධිපතිවරයා දිඹුලාගල රාහුලලංකාර නාහිමියන්ට පොරොන්දු වූයේය.
ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ පාලන කාලයේ ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට විදුලිය නොමිලේ ලබා දුන් බවත්, කොමිෂන් සභාවක් පත් කිරීමෙන් අනතුරුව 2018 වසරේ සිට මේ දක්වා විදුලි බල මණ්ඩලයට රුපියල් ලක්ෂ පනස් හයකට ආසන්න විදුලි බිලක් ගෙවීමට තිබෙන බවත්,එම මුදල ගෙවීමට තරම් දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට ආදායමක් හෝ දායකයින්ගෙන් ආධාර මුදල් නොලැබෙන බවත්, දායකයින් දානය පූජා කිරීමට පැමිණෙන අවස්ථාවලදී ලබාදෙන මුදල් ඒකරාශී කරගෙන මාසික විදුලි බිල ගෙවීමට සිදුව ඇති බවත් එවැනි ආධාර මුදල් නොලැබෙන අවස්ථාවලදී ආරණ්‍ය සේනාසනයට ලැබෙන පිරිකර, සෙසු පිරිකර, අලෙවි කරමින් එම විදුලි බිල පියවා ගැනීමට සිදුව ඇති බවද දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් ජනාධිපතිවරයා ඉදිරියේ සඳහන් කළහ.
තම රජයක් යටතේ ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට ලැබෙන විදුලිය බිල සම්බන්ධ යම් සහනයක් ලබාදීමට ස්ථිර වශයෙන්ම කටයුතු කරන බවත්, එසේ නොමැති නම් විකල්පයක් වශයෙන් දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ සූර්ය විදුලි බල පද්ධතියක් සවිකිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවට ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර සිටියේය.