කිලිනොච්චිය භාරතීපුරම් ප්රදේශයේ පදිංචිව දින 24 ක් අතුරුදහන්ව සිටි පුද්ගලයෙකු ඊයේ (26) දින කිලිනෙච්චිය පොලීසියට භාර වී ඇත්තේ තමන් කිසියම් පිරිසක් විසින් පහරගෙන ගොස් වදහිංසා සිදුකල බව පවසමිනි.
භාරතීපුරම් ප්රදේශයේ පදිංචි 48 හැවිරිදි සිංහරාජන් ජයකුමාර් නැමත්ත පසුගිය 02 වනදා සිට අතුරුදහන්ව ඇතැයි ඔහුගේ ඥාතීන් විසින් පොලීසියට පැමිණිළි කොට තිබුණි.
කෙසේ වෙතත් ඊයේ දිනයේදී අතුරුදහන්ව සිටි පුද්ගලයා එකවරම කිලිනොච්චිය පොලීසියට පැමිණ භාර වී ඇත්තේ තමන්ව කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් ස්ථාන කිහිපයකට රැගෙන යමින් දිනේන දින විවිධ හිංසා කරමින් පහරදුන් බවටත් ඒසේ රඳවා සිටි අවස්ථාවක එම ස්ථානයෙන් ඉතා අසීරුවෙන් පැන පොලීසියට පැමිණි බවට අදල පුද්ගලයා විසින් පොලීසියට පවසා ඇත.
ඒ අනුව පොලීසිය විසින් එම පුද්ගලයාගේ තොරතුරු වලට අනුව රඳවා සිටි ස්ථානයකට ගොස් පරික්ෂ කෙට ඇතත් කිසිවෙක් නොසිට ඇති අතර අදාල පිරිස් කව්රුන්දැයි යන්න පිළිබඳව මෙතෙක් තොරතුරක් නොමැති බවටත් එම පිරිස් සොයා පුලුල් පරික්ෂණයක් අරඹා ඇතැයිද කිලිනොච්චිය පොලීසිය වැඩිදුරටත් පැවසීය.
කෙසේ වෙතත් පැහැරගැනීමට ලක් වූ පුද්ගලයාට වදහිංස දීමෙන් ඇති වූ කැපුම් තුවාල හේතුවෙන් ඔහු කිලිනොච්චිය මහරෝහලට ඇතුලත් කිරීමටද පොලීසිය විසින් පියවර ගනු ලැබීය.