දින 24 කට පසුව නවසීලන්තයෙන් කොවිඩ් ආසාදිතයන් දෙදෙනෙක් වාර්තා වී තිබේ. ජුනි 7 වන දින එක්සත් රාජධානියේ සිට ඕස්ට්‍රේලියාව හරහා පැමිණී එකම පවුලේ කාන්තාවන් දෙදෙනෙකුට මෙසේ කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
අවමංගල්‍ය උත්සවයකට එක්වීම වෙනුවෙන් ඔවුන් නවසීලන්තයට පැමිණ ඇත්තේ විශේෂ අවසරයක් ඇතිව බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පැවැසීය.
මෙම ආසාදිතයන් දෙදෙනා පොදු සේවා භාවිත කර නොමැති බවත් ඔවුන් දෙදෙනාම වෙලින්ටන්හි ස්වයං හුදෙකලා වී සිටින බවත් අමාත්යාංහ්ය නිවේදනය කරයි.
මේ අනුව දේශ සීමාවේ ඇති සියලු නිදහස් කිරීම් රජය විසින් අත්හිටුවන බවද නවසීලන්තය ප්‍රකාශ කරයි.