අප්‍රේල් 4 දා සිට පෙරේදා 09 දක්වා දින 5 කාලයක් තුළ ඉතාලියේ වෛද්‍යවරුන් 25 දෙනෙක් හා හෙද හෙදියන් 3 දෙනෙක් කෝවිඩ් 19 ආසාධනය වීමෙන් මියගොස් ඇති බව ඉතාලි වෛද්‍ය සංගමය පවසයි.
එසේම ඉතාලියේ කොවිඩ් 19 පැතිරිම ආරම්භ වු පසුගිය පෙබරවාරි මස 23 දා සිට අප්‍රියෙල් 9 දක්වා කාලය තුල කොවිඩ් 19 න් මියගිය සමස්ත වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව 105 දක්වාත් හෙද හෙදියන්ගේ සංඛ්‍යාව 28 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික වෛදය සංගමය පැවසීය.
එමෙන්ම මේ වන විට සමස්ත රෝහල් කාර්ය මණ්ඩලයේ 13522 ට වැඩි පිරිසකට කොවිඩ් 19 ආසාධනය වි ඇති බව ඉතාලි සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
මිය යෑමෙන් හා රෝගී විමෙන් සිදු වු මෙම වෛද්‍ය හිඟය හා හෙද හිඟය පියවීමට විශ්‍රාමික වෛද්‍යවරුන් හා හෙද හෙදියන් ස්වෙච්ජා සේවකයන් විශාල පිරිසක් මෙන්ම විදෙශ් රටවල වෛද්‍යවරුන් හා හෙද හෙදියන් ස්වෙච්ජා සේවකයන් රෝහල් සේවයට එක්වි තිබෙන බැවින් රෝහල් සේවය යථා තත්වයට ගෙන එමට හැකිව තිබෙන බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍ය රොබැර්තෝ ස්පෙරන්සා මහතා පවසා සිටියේය.
චන්දන ප්‍රනාන්දු ඉතාලියේ බ්‍රේෂියා නගරයේ සිට