තවත් දින දෙකකින් පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහනුවරදී ඉඟි පළ කළේය .
මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැ දැකීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා පවසා සිටියේ ලිහා බැලිය හැකි මල්ල ඔබා නොබැලිය යුතු බවත් තවත් දින දෙකක් ඒ සඳහා ඉවසා සිටින ලෙසත්ය .
රටේ අලුත් වෙනසකට මුල පිරිය යුතු බව අපේ රටේ ජනතාව තමන්ගේ ජන මතයෙන් ප්‍රකාශ කොට තිබෙනවා . එසේ වෙනස් කළ යුත්තේ රටේ නීතිය, රටේ ආර්ථික ගමන මෙන්ම සංස්කෘතිය ඇතුළු සියල්ලගේ වෙනසක් අවශ්‍යව තිබෙනවා .
අපි මානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාට පෙන්වා දෙනු ලැබුවා මේ අලුත් ජනවරමේ තිබෙන එම වෙනසට අනුව අප රට පාලනය කිරීමට සූදානම් බව .
මේ රටේ ජනතාවගේ විශාල අහිංසක බලාපොරොත්තුවක් තිබෙනවා . එම බලාපොරොත්තු ඉටු කිරීමටත් අප සූදානම් බව මානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාට අපේ පැත්තෙන් පෙන්වා දෙනු ලැබුවා .
උන්වහන්සේලාගේත් අපේක්ෂාව බවට පත්ව තිබෙන්නේ අපේ ජනතාව ඉතා හොඳින් බලාගෙන විශේෂයෙන් ගම්බද අහිංසක දුප්පත් ජනතාව මෙන්ම ගම්වල යටිතල පහසුකම් දියුණු කරන්න කියලයි උන්වහන්සේලත් අපට දැනුම් දුන්නේ .
විශේෂයෙන් අපි අපේක්ෂා කරන්නේ තනි පුද්ගලයෙකුට සියලු දේ වෙනස් කිරීමට හැකිවන්නේ නැහැ . රටේ එක තැනක නොවෙයි වෙනසක් අවශ්‍යව තිබෙන්නේ මේ රටේ පද්ධතියම වෙනස් කළ යුතුව තිබෙනවා . එම පද්ධතියෙම වෙනස ඇතිකිරීමට හැකිවන්නේ එම පද්ධතියටම සම්බන්ධ වී සිටින හැමදෙනාගේම සහයෙන් .
ආර්ථිකය වෙනසක් ඇති කිරීමට, කර්මාන්ත කරුවන් ව්‍යසායකයන් මෙන්ම වැඩ කරන ජනතාවගේ සහාය ඒ සඳහා අවශ්‍ය වෙනවා .
නීතියේ වෙනස ඇති කිරීමට ඒ සඳහා තිබෙන පද්ධතියේ සහාය අවශ්‍යයි . එම සහය ලබා ගැනීමට බලාපොරොත්තු වන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය