දෙහිවල ජාතික සත්වෝද්‍යානය නැරඹීම සඳහා අලුත් අවුරුදු දින තුන තුළ පැමිණි නරඹන්නන්ගෙන් රුපියල් ලක්ෂ 47කට අධික ආදායමක් උපයා ඇතැයි දෙහිවල සත්වෝද්‍යානයේ සහකාර අධ්‍යක්ෂිකා දිනුෂිකා මානවඩු මහත්මිය සඳහන් කරයි.
අප්‍රේල් 13 ,14,15 යන තෙදින තුළ ළමා, තරුණ , වැඩිහිටි ,මහළු , නරඹන්නන් ලක්ෂ ගණනක් දිවයිනේ සතර දිසාවෙන් පැමිණ ඇත. ඔවුන් ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමෙන් අප්‍රේල් 13 දින ලක්ෂ 13 ක් ද, අප්‍රේල් 14 දින ලක්ෂ 16 ක්ද ,අප්‍රේල් 15 දින ලක්ෂ 18 ක්ද සත්වෝද්‍යානයට මේ ලෙස ආදායම උපයා දී තිබේ.
කමල් ශ්‍රී ලියනගේ