පොදු ජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය යටතේ තරඟ වදින්නේ දැයි යන්න පිළිබඳ අවසන් එකඟතාවය අද(04දා) ලබා ඉගෙනීමට නියමිතය.
හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීම සඳහා මූලික එකඟතාවය පළ කර ඇති නමුත් ඒ පිළිබඳව අවසන් තීරණය අද ගැනීමට නියමිතය.
පොදු ජන එක්සත් නිදහස් සන්ධානයේ විධායක සභාව කොළඹදී ඊයේ (3දා) රැස්වී මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.
පොදු ජන එක්සත් නිදහස් සන්ධානය දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක සඳහා අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමටද මෙහිදී තීරණය වී තිබේ.
පොදු ජන එක්සත් නිදහස් සන්ධානයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසූයේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුත් සන්ධානයේ පාර්ශව කරුවෙක් ලෙස බොහෝවිට තම පක්ෂය තරඟ කරනු ඇති බවයි.