ජනපති මැතිවරණය පැවැත්වෙනු ඇති බවත් ඒ සඳහා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා තවමත් තීරණය කර නොමැති බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේ පැවැති වැඩසටහනකින් අනතුරුව මාධය යොමුකළ ප්රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසිය.
පක්ෂය විසින් දිනන අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනු ඇති බවද ඔහු පැවැසිය. ධම්මික පෙරේරා මහතාගේ නමද සලකා බලමින් තිබෙන බවද ඔහු කීය.
කෙසේ වෙතත් නාමල් රාජපක්ෂ මහතාට තව කාලය තිබෙන බවත් ඔහු පැවැසිය.