දැනුම්දීමකින් තොරව විදුලිය විසන්ධි කිරීම සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලය පරීක්ෂණයක් පවත්වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
එහිදී රජය අපහසුතාවට පත් කිරීමට සංවිධානාත්මකව පිරිසක් කටයුතු කරන්නේද නැද්ද යන්න පිළිබඳ සොයා බලන බව අද (07දා) පාර්ලිමේන්තුවේදී වාචික පිළිතුරැ අපේක්ෂාවෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරැ ලබා දෙමින් හෙතෙම සඳහන් කළේය.
මේ අතර දැනුම්දීමකින් තොරව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතාගේ නිවසේ ද විදුලිය විසන්දි කිරීමට කටයුතු කර ඇති බවද මෙහිදී අනාවරණය විය.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් - විදුලි බිල ගෙවා ගැනීමට අපහසු පාරිභෝගිකයින්ගේ විදුලිය කප්පාදුවක් මේ දින වල ඉතාමත් යහමින් සිදු වෙනවා. වෙනත් පෞද්ගලික කණ්ඩායමකට භාර දීලා, ඔවුන්ට කොමිස් මුදලක් ගෙවලා ඔවුන් විදුලිය විසන්ඳි කරගෙන යනවා.
ඒක හරියට පොලීසිය වගේ. කරන අපරාදයට දඬුවමක් දෙනවා නෙවෙයි, උදේ ටාගට් එකක් තියාගෙන එලියට බහිනවා දඩ කොල මෙච්චරක් ලියනවා, නඩු මෙච්චරක් ගන්නවා කියලා. අධික විදුලි බිල නිසා ගෙවාගන්න බැරිව ඉන්න පාරිභෝගිකයාට මේ ආකාරයෙන් කිරීම අතිශයින් අසාධාරණයි නේද?
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර - චෝදනාවක් එක පැත්තකින් එල්ල කළා මම ඉලක්ක ලබා දීලා තියෙනවා, කොන්ත්‍රාත් දීලා තියෙනවා එළියේ සමාගම් වලට කියලා. අවුරැදු 20ක් තිස්සේ විදුලි සබඳතා ලබා දීම, විදුලි සබඳතා විසන්ඳි කිරීම බාහිර පාර්ශවයකට දීලා තියෙන්නේ. ඒ වගේම මට එකක් කියන්න පුළුවන් ටාගට් දීලා නෑ, මෙන්න මේ දවසට මෙන්න මෙච්චර ප්‍රමාණයක් කරන්න කියලා.
ඒ වගේම මම පිළිගන්නවා ආණ්ඩුව අපහසුතාවය පත් කරන්න සමහර පුද්ගලයෝ, මේ ක්‍රියාත්මක වන සමහර සමාගම් වල නිලධාරීන් ක්‍රියාත්මක වෙනවා කියලා පේනවා. පසුගිය දවසේ ජගත් කුමාර මන්ත්‍රීවරයාටත් එහෙම අසාධාරණයක් සිදු වුණා. රතු බිල් නිකුත් කරලා ඒ කාලය ගතවෙන්න කලින් විසන්ඳි කරපු කට්ටියක් හිටියා. ඒ කණ්ඩායමට අවශ්‍ය විනයානුකූල ක්‍රියාමාර්ග විදුලිබල මණ්ඩලය ගනිමින් පවතිනවා. ඒ සිදුවෙලා තිබෙන තැන් වන අදාළ නිලධාරීන්ට විරැද්දව අවශ්‍ය නීතිමය පියවර ගන්නවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර - රැපියල් 12,000ක ගිය මාසේ බිල විතරයි ගෙවන්න තිබුණේ. කිසිම දැනුම්දීමක් නැතිව විදුලිබල මණ්ඩලය කපනවා. මම මරණ ගෙවල් ගණනාවකට ගිහින්, රුස්වීම් ගණනාවකට ගිහින් උදේ එනකොට ගෙදර ලයිට් කපලා. මට මෙහෙම කරනවා නම් සාමාන්‍ය අහිංසක මිනිස්සුන්ට කොහොම කරනවා ඇතිද. ඒ වගේම අපි මුදල් ගෙවන්නේ නෑ කියලා සමාජයට වැරදි මතයක් යනවා.
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර - විදුලිව විසන්ඳි කරන එකට අපකීර්තියට සහ අපහසුතාවයට පත්වෙන්නේ ආණ්ඩුව. ජනතාව හිතන්නේ අමාත්‍යවරයා, රජය, රජය නියෝජනය කරන පිරිස් ගිහින් කියන්නේ මෙන්න මෙතන විදුලිය විසන්දි කරන්න කියලා.
ඒලෙස අපහසුතාවය පත් කරන්න සංවිධානාත්මක කණ්ඩායමක් කටයුතු කරනවා. ඒ ගැන සංවිධානාත්මක කණ්ඩායමක්ද කටයුතු කළේද නැද්ද කියලා විදුලිබල මණ්ඩලය මේ වන විට පරීක්ෂණයක් පවත්වනවා. අද තියෙන තත්ත්වය ගත්තම විදුලිබල මණ්ඩලයේ අලුතින් විදුලිය එන්න දෙන්නෙත් නෑ, විදුලිය ගෙන්න හදන මිනිහටත් ගහලා පන්නනවා.