සේරුවිල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් දෙහිවත්ත හයේ කොළණියේ පිහිටි සිරි වඩ්ඩනාරාමයට ඇතැම් දිනවල දානය නොලැබීම නිසා එහි වැඩ වැඩ වාසය කරන ස්වාමීන් වහන්සේලාට එවැනි දිනවලට බඩ ඉරිඟු හා අඹ වැළඳීමට සිදුවී තිබේ.
විහාරාධිපති පූජ්‍ය කලවානේ කෝසල තිස්ස නැගෙනහිර පළාතේ උප ප්‍රධාන සංඝනායක හිමියෝ පවසන්නේ විහාරස්ථානය අවට සිටිනුයේ දායක පවුල් විසිපහක් පමණක් බවත් ඉන් වැඩි පිරිසක් දරිද්‍රතාවයට මුහුණ දී සිටියදී විහාරස්ථානයට දානය දීමට නොහැකි බවය .
"මම සමග තවත් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා දෙනමක් මෙහි වැඩ වාසය කරනවා. සමහර දිනවලට යුද හමුදාවෙන් දානය දෙනවා දෙනවා. අවුරුදු දෙකක් විදුලි බිල ගෙවිමට නොහැකි වුණා. ඒ නිසා දැන් මාස තුනකට පෙර විදුලිය විසන්ධි කර දැමුවා.ලක්ෂ පහක හිඟ මුදල් තියෙනවා එහෙම තියාගෙන තමයි අපි මේ බුද්ධ ශාසනය රැක ගැනීමට මහත් වෙහෙසක් දරන්නේ.
දානය නොමැති දවස්වලට හේනකට ගිහිල්ලා බඩ ඉරැඟු කරල් කිහිපයක් ඉල්ලගෙන ඇවිල්ල තම්බගෙන දානයට වළඳනවා. එහෙම නැත්තං විහාරස්ථානයේ තියෙන අඹ ගහෙන් අඹ ගෙඩියක් දෙකක් කඩාගෙන දානයට සකස් කරගන්නවා. සමහර දිනවලට වට්ටක්කා තම්බා ගෙන දානය සකස් කර ගන්නවා" යැයි විහාරාධිපති හිමියෝ පැවැසුහ.
ක්‍රිස්තු පුර්ව පලමු සියවසේ රජකල හයවන ගෝඨාභය රජු දවස ඉදිකළ පෞරාණික චෛත්‍යයකින් සමන්විත මෙම විහාරස්ථානය ගොඩ නැගීම සඳහා වෙහෙසව කටයුතු කරන විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ ජංගම දුරකථන අංකය වන්නේ 0750961000 වේ.
දහවල් දානයට අඹ වැළදිමට සුදානම් වන විහාරාධිපති පුජ්‍ය කළවානේ කෝසල තිස්ස හිමියෝ
ත්‍රිකුණාමලය චමෝද්‍යා නේත්‍රාංජලි අමරජීව