විවෘත ආර්ථික ක්රමයෙන් දශක ගණනාවකට පසුව ශ්රී ලංකාවේ අපනයන ආදායම ආනයන වියදම ඉක්මවා තිබේ.
ඒ අනුව ජුනි මාසයේදී ශ්රී ලංකාවේ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 1020ක් වන විට ආනයන වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 961ක් බවට පත්ව තිබේ.
කොවිඩ් 19 වසංගතයෙන් පසුව රට යථා තත්ත්වයට පත්වෙමින් පවතින අතර 2018 වසරේ ජුනි මාසයේදී ශ්රී ලංකාවේ අපනය ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 1028ක් ලෙස සටහන් විය.
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ පිළිබඳව කැබිනට් මණ්ඩලය දැනුවත් කර තිබේ.