විදුලිබිල දවසින් දෙකෙන් අඩු කරන බවට වත්මන් ආණ්ඩුව සඳහන් කර නොමැති බවත්, 30% විදුලිබිල අඩු කිරීම සිදුවන්නේ අවුරුදු 03ක් තුළ බවත් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පැවසීය.
වාචික පිළිතුරු අපේක්ෂාවෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද (09දා) යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
විදුලිබල මණ්ඩලය ණය ගෙවීමට තිබෙන බව අමාත්‍යවරයා එහිදී සඳහන් කළද මණ්ඩලය පාඩු ලබන බවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පෙන්වා දුන්නේය.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර - මාස තුනෙන් තුනට ඔබතුමන්ලා විදුලිබලය සම්බන්ධයෙන් සංශෝධනය ක්රියාත්මන කරනවා කිව්වා. මාර්තු මාසයේ 21.9%න්, ජූලි මාසයේ 22.5%න් සංශෝධනය කරලා තිබුණා. ඔබතුමන්ලාගේ ජනාධිපතිතුමත් , අමාත්‍යවරුනුත් මේ ආණ්ඩුව ගන්න කලින් බොහොම පැහැදිලිව කිව්වා ඉතාම කෙටි කාලයක් ඇතුළත 35%න් විදුලිබලය අඩු කරනවා කියලා.
රුපියල් 5000 බිල 3000 කරන්න පුළුවන් කිව්වා. 9000 බිල 6000 කරන්න පුළුවන් කිව්වා. ඒවා මේ රටේ ජනතාව බලාගෙන අහගෙන හිටියා. ඒ අනුව තමයි විදුලිය පිළිබඳ යම් විශ්වාසයක් අනුව , සූරාකෑම නතර කරන්න පුළුවන් වැඩ පිළිවෙළක් හදලා තියෙන්නේ කියලා ඔබතුමන්ලාට ඡන්දය දුන්නා. ලබන ජුනි මාසය වෙනකන් විදුලිබිල අඩු කරන්න බෑ කියලා දැන් විදුලිබල මණ්ඩලය කියලා තියෙනවා. අඩු කරනවා නම් කරන්න පුළුවන් 1.2%කින් කියලා විදුලිබල මණ්ඩලය කියලා තියෙනවා.
දැන් මේ වන විටත් ජල විදුලි නිෂ්පාදනය 56%ක් වී තිබෙනවා. ඔබතුමන්ලා මෙච්චර ලොවෙත් නැති පොරොන්දු දීලා ලොවෙත් නැති ජයග්‍රහණයක් ගත්තා. මේක එක පැත්තකින් පනත උල්ලංඝනය කිරීමක්. ඒ වගේම කොමිසමේ නීති රීති උල්ලංඝනය කිරීමක්. ඇයි විදුලිබිල සංශෝධනය ජුනි මාසය දක්වා කල් දාලා තියෙන්නේ?
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි - ඇත්තටම විදුලිබලය අඩු කරනවා කියලා අපි කොහේවත් කියලා නෑ විදුලි බිල මිසක්. විදුලි බිල අඩු කිරීම තමයි අපේ අරමුණ. දවසින් දෙකෙන් ඒක කරනවා කියලා අපි කොහේවත් කියලත් නෑ. අවුරුදු 03ක් ඇතුළත කරන්න වෙන්නේ. විශේෂයෙන්ම පසුගිය පාලකයන් විසින් කරන ලද දූෂිත සහ අක්‍රමවත් පාලනයෙහි ප්‍රතිඵල ජනතාවට විඳින්න සිදුවෙලා තියෙනවා.
විදුලිබල මණ්ඩලය මේ වන විට රුපියල් බිලියන 332ක ණය බරකින් පෙළෙනවා. ඒ වගේම වරින් වර වැඩි මිලට විදුලිය මිලදී ගැනීම් සිදු කරලා තියෙනවා. අපිට කාලයක් යනවා. අපි කියලා තියෙන්නේ විදුලිබිල අඩු කරනවා කියලා. අවුරුදු 3ක් ඇතුළත තමයි ඔය තිස්ගාන අඩු කරන්නේ. ඊට කලින් අඩු කරන්න අපිට උවමනාවක් තියෙනවා.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර - වචනේ අල්ලන් දඟලන්න එපා. ඔබතුමන්ලාගේ ජනාධිපති අපේක්ෂකතුමා කියලා තියනවා 30%කින් ළගදීම විදුලිබිල අඩු කරනවා කියලා. ජනාධිපතිවරණය ඉවරවෙලා නොවැම්බර් 09 දඹුල්ලේ තිබුණු රැස්වීමකදී කියන්නේ. මෙහෙම බොරු කියන්න පුළුවන්ද? බොරුනේ කියන්නේ තමුන්නාන්සේලා. අද වන විට බිලියන 167ක ලාභයක් විදුලිබල මණ්ඩලයෙ තියෙනවා. මුදල් අමාත්‍යාංශය පවර ගත්තා තිබුණු ණය. අද වන විට විදුලි බල මණ්ඩලය ණය නෑ කාටවත්. පාඩුයි කියලා බොරු කියන්න එපා. අලාභයි කියනවා නම් කොච්චරද කියලා කියන්න.
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි - විදුලිබල මණ්ඩලයේ ණය ටික මහා භාණ්ඩාගාරයට අරන් තියෙනවා කියල පුළුවන් නම් ඔප්පු කරන්න. ඒක බොරුවක්. 332ක් තියෙනවා. සත පහක් අරන් නෑ මහා භාණ්ඩාගාරයට හෝ ආණ්ඩුවට. ඒ ණය ගෙවනවා තවමත්.
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා - දයාසිරි මන්ත්‍රීතුමා කිව්වා බිලියන සිය ගණනක ලාබයක් ලබලා තියෙනවා කියලා. ඇමතිතුමා කිව්වා එතකොට එහෙම එකක් නෑ ඒවා කටකතා කියලා. එතන ප්‍රශ්නයක් තියෙනවා. අපේ කාරක සභාවේදී අපි අනුමත කරලා පාර්ලිමේන්තුවේ විවාද කරලා සම්මත කළා පනතක්. මම ඒක සභාගත කරනවා. ඒකේ 36 වැනි පිටුවේ තියෙනවා ලංකා විදුලිබල මණ්ඩලයේ ලාභය ජුනි 30 වැනිදා වෙනකන් රුපියල් බිලියන 119යි කියලා. ඒ සමගම රජය පැත්තෙන් අපිට ඉදිරිපත් කරලා තිබුණා ඔක්තෝබර් වෙනතුරු අගය. විදුලිබල මණ්ඩලයේ ලාභය රුපියල් බිලියන 139යි කියලා. කවුරු හරි මෙතන පාර්ලිමේන්තුව නොමග යවලා තියෙනවා. එක්කෝ විදුලිබල ඇමතිවරයා නොමග යවලා විදුලිබල මණ්ඩලය. එහෙම නැත්නම් මේ ගරු සභාව නොමග යවලා තියෙනවා මුදල් අමාත්‍යාංශය.