“හදිසි අවස්ථාවක් ඇති වී තිබීම මම අභියෝගයක් ලෙස භාර ගත්තා. මම මගේ ජාතියට සේවය කළ යුතුයි. දහ දෙනෙකුගේ කණ්ඩායමක් මේ ව්‍යාපෘතිය සාර්ථක කරගන්නට ඉතා වෙහෙස මහන්සි වී වැඩ කළා.”
මෙලෙස පවසනුයේ කොරෝනා වෛරසය හඳුනා ගැනීම සඳහා වන නව උපකරණයක් නිර්මාණය කළ ඉන්දියාවේ වෛරස අධ්‍යයන විද්‍යාඥවරියක වන මිනාල් ඩක්හාවේ බෝස්ලේ නම් තැනැත්තියයි.
පසුගිය 18 වැනිදා ඇය නිපදවූ උපකරණ කට්ටලය ඉන්දියාවේ ජාතික වෛරස් විද්‍යා ආයතනය වෙත ඉදිරිපත් කෙරුණු අතර, මෙහි සුවිශේෂීභාවය වනුයේ දරු ප්‍රසූතියට දිනකට පෙර, ඇය විසින් මෙම වික්‍රමය සිදු කරනු ලැබීමයි. ඇය ඉන්දියාවේ පූනේ පිහිටි ‘Mylab Discovery’ ආයතනයේ පර්යේෂණ හා සංවර්ධන අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කරයි.
මෙම පරීක්ෂණ කට්ටලය නිර්මාණය කිරීම සඳහා සති හයක කාලයක් ඇයට ගත වී ඇති අතර, එහි විශේෂත්වය වනුයේ පැය දෙකහමාරක් වැනි කෙටි කාලයකදී වෛරසය තහවුරු කර ගැනීමට හැකියාව ලැබීමයි.
(බීබීසී ඇසුරෙනි)