ඇඹිලිපිටිය, පනාමුර පොලිස් වසමේ කැම්පනේ, අලූත්පාර ප්‍රදේශයේ අතුරු පාරක යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පනස් හැවිරිදි තිදරු පියෙක් අද (11දා) උදෑසන 08.00ට පමණ වෙඩිතබා ඝාතනය කර ඇති බව පනාමුර පොලිසිය පැවසුවේය.
මෙසේ ඝාතනය කර ඇත්තේ ඕමල්පේ, කැම්පනේ, කලූගලහේන ලිපිනයේ පදිංචි දික්හේනගේ රාජා දයානන්ද (50) යන අයයි. ඔහු වෘතියෙන් ගොවියෙක් බව ද පොලීසිය කීවේ ය.
මියගිය තැනැත්තා ඔහුගේ දරුවා ඕමල්පේ මහ විද්‍යාලයට ඇරලවා ආපසු එමින් සිටිය දී මෙසේ ඝාතනය කර ඇති බව ද පොලීසිය කියයි. වෙදිවැදුනු ස්ථානයේ සිට මීටර් දහයක් පහළොවක් ඉදිරියට ගොස් යතුරු පැදියත් සමග පාර අයිනේ බිම ඇදිවැටී එම ස්ථානයේදීම මියගොස් ඇති බව ද පොලිසිය පැවසුවේය. අපරාධය සිදුවු ස්ථානයේ පාර දෙපැත්තේ කැලෑව වැවී ඇති.
ඝාතනය වු තැනැත්තාගේ වැඩිමහල් දියණිය මෙවර අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටිමට නියමිත බව ද පොලිසිය පැවසුවේය.
ඵනාමුර පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.වි. රෝහණ මහතා ඇතුලූ නිලධාරින් පරක්ෂණ පවත්වති. ඇඹිලිපිටිය පොලීසියේ ස්ථානීය අපරාධ ඒකකයේ (සොකෝ) නිලධාරින් ද පැමිණ පරීක්ෂණ ඇරඹීය.
අජිත්ලාල් ශාන්තඋදය සහ කොලොන්නේ ජේ නානායක්කාර
VIDEO