මහනුවර අකුරණ ප්‍රදේශයේදි කොරෝනා වෛරසය ආසාදිත වූ හඳුනාගත් පුද්ගලයා දඹුල්ල නිකවටවන ප්‍රදේශයේ අවමඟුල් උත්සවයක් පවතීන නිවසකට පැමිණ එම ප්‍රදේශයේ සැරිසැරූ බවට ලද තොරතුරක් මත අද දින දහවල් මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් සහ දඹුල්ල පොලීසිය එක්ව නික වටවන ගම්මානයේ නිවාස හතක් පුද්ගලයන් 33 දෙනෙකු නිවාස තුළම නිරෝධායන කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන්නට වූහ.
මෙම රෝගය ආසාදනය වූ පුද්ගලයා දඹුල්ල නිකවටවන ප්‍රදේශයට පැමිණ ඇති බව පොලිස් බුද්ධි අංශ සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සොයාගන්නා තුරු එම පුද්ගලයන් කිසිවකු ඔහු පැමිණි බව නොසඟවා සිටීම විශේෂත්වයකි .
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු එම ස්ථානයට ගොස් පුද්ගලයාගේ ඡායාරූප පෙන්වා ප්‍රශ්න කිරීමේදී ද ඔහු පැමිණි බව පිළිගැනීමට අකමැත්තක් දැක්වූහ. කෙසේ වෙතත් අවට පදිංචිකරුවන් මෙන්ම තොරතුරු බොහෝදෙනෙකු පොලීසියට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට මෙම පුද්ගලයා පැමිණි බවට තොරතුරු ලබා දෙන්නට විය.
ඒ අනුව මෙම පුද්ගලයා පැමිණි නිවසේ නිවැසියන් සහ එම නිවසට යාබදව ඇති නිවාස හතක් එම නිවෙස් වල ජීවත්වෙන පුද්ගලයන් තිස්තුන් දෙනෙක් නිවෙස් තුළම දින දාහතරක් කාලයක් නිරෝධායන කටයුතුවල නිරත වන ලෙස දඹුල්ල සීගිරිය කලාප භාර සෞඛ්‍ය පරීක්ෂක එස් . ඒ. වසන්ත කුමාර මහතා නියෝග කළේය.
මෙම නිරෝධායන නීතිය කඩ කරන්නන් හට නීතිය තදින් ක්‍රියාත්මක කරන බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ පොලීසිය මෙම පිරිසට දැඩිව අවවාද කරන්නට වූහ.
මෙම ප්‍රදේශයේ බොහෝ දෙනෙකු රෝගී තත්ත්වයන් එම අවමගුල් උත්සවයෙන් පසුව පැමිණි පිරිස පිළිබඳව අනාවරණය කිරීමට දැඩි මැලිකමක් දක්වන්නට විය. පුද්ගලයා අවමඟුල් අවස්ථාවෙන් පසුව දිනක මෙම නිවසට පැමිණ තිබෙන බවත් නිශ්චිතව එම දිනය පවා හෙළිකරගැනීමට නොහැකි වූ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පැවසූහ.
දඹුල්ල ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ජයනාත් ජයසුන්දර මහතා ඇතුළු කණ්ඩායමක් මෙම ප්‍රදේශයේ තවදුරටත් නිරෝධායනය විය යුතු පුද්ගලයන් සිටි දැයි යන්න පරීක්ෂණ කටයුතු ආරම්භ කොට තිබිණි.
මෙසේ නිරෝදායනයට ලක් වූයේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සැලක් පවත්වාගෙන ඒ .සී. එම් .ලෆීර් නැවතී අයෙකුගේ නිවසක් බව පොලීසිය කියයි.
එම ව්‍යාපාරිකයාටද දැඩි ලෙස අවවාද කරමින් කියා සිටියේ කිසිදු ප්‍රදේශයක ගමන් නොකොට තම ගම්මානයේ ජනතාව රටේ ජනතාව ආරක්ෂා කිරීම සඳහා නිරෝධායන නීතිය අකුරටම ක්‍රියාත්මක කරන ලෙසය.
කාංචන කුමාර ආරියදාස