දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු තොග මිලදී ගැනීම සඳහා ප්‍රමාණවත් ව්‍යාපාරිකයන් නොපැමිණීම හේතුවෙන් සීඝ්රයෙන් එළවළු තොග මිල පහත වැටී අලෙවිකර ගැනීමට නොහැකි තත්වයකට 23 දින උදෑසන සිට පවතින බව ගොවීන්හා වෙළෙන්දන් පවසති.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට විශාල වශයෙන් කන්ද උඩරට ප්‍රදේශයවලින් සහ යාපනය අර්ධද්වීපයෙන් එළවලු ලැබී තිබෙන බවත් වෙළෙන්දෝ පවසති.
පසුගිය ජනවාරි පෙබරවාරි මාසවලට සාපේක්ෂව එළවලු මිල ඉතාමත් පහත වැටී තිබෙන බවත් මේ හේතුව නිසා ගොවීන්ට තම නිෂ්පාදන වියදම හෝ පියවා ගැනීමට නොහැකි තත්වයකට පත්ව ඇතැයි ගොවීන් පෙන්වා දෙති
අධික නිෂ්පාදන පිරිවැයක් දරා රටේ ආහාර වෙනුවෙන් එළවළු වගා කළද තම නිෂ්පාදනය සඳහා ප්‍රමාණවත් මිලක් නොමැති වීම නිසා වගා කටයුතුවලින් ඉදිරියේදී ඉවත්වීමේ තත්ත්වයට පත්ව ඇතැයි එළවළු තොග රැගෙන ආ ගොවීහු පවසති.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයන් කියා සිටියේ විදේශ රටවලින් ගෙන්වන අර්තාපල් අල රතු ලූනු මෙන්ම ලොකු ලූනු මිළද විශාල වශයෙන් ගනුදණුකරුවන් නොමැති නිසා මිල පහළ යමින් පවතින බවය.
වර්ගය 2023 ජනවාරි මස මිල 2023 මාර්තු 23 තොගමිල
බෝංචි 300 /350 80 / 90
කැරට් 120 / 130 50 / 60
වම්බටු 390 / 400 80 /120
මාලළුමිරිස් 600 / 650 200 / 250
රතුලූනු 620 / 630 250 / 280
ලොකුලූණු 165 / 170 90 / 95
අර්තාපල් විදේශීය 110 / 120 110 /120
අර්තාපල් දේශීය 200 /215 110 / 120
වැටකොළු 310 / 320 60 /100
වියලිමිරිස් 1300 / 1350 1000 / 1050
ලීක්ස් 220 /230 120/ 150
දබල 110/ 120 50 /60
වැටකොළු 310 /320 60/100
නෝකෝල් 260 /270 70 /80
පතෝල 140/ 150 100 /110
මැකරල් 280 /290 70 /80
අමුමිරිස් 220/250 250 /300
වට්ටක්කා 110 /130 30 / 35
තක්කාලි 80 /100 120 /130
ගෝවා 50 / 90 25 / 30
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_6df834fbc5.jpg)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_120bf90ac2.jpg)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_0fb4baca04.jpg)