දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මේ දිනවල එළවළු විශාල වශයෙන් ලැබෙමින් පවතිම නිසා සෑම එළවළුවක්ම තොග මිල 27 දින වන විට විශාල වශයෙන් පහත වැටී ඇතැයි ගොවීහු පෙන්වා දෙති.
එමෙන්ම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය යාපනය අර්ධද්වීපයෙන් 27දින වන විට විශාල වශයෙන් රතුළූණු තොග ඇතුළු එලවලු තොග ලැබීමත් සමග මේ තත්වය උදාවී තිබේ.
කිලෝවක් රුපියල් 350කට අලෙවි වූ රතුළූණු කිලෝ එක 27 දින වනවිට රුපියල් 110 ත් රුපියල් 230 දක්වා වූ අඩු මිල ගණන් යටතේ අලෙවිවන බව වෙළද සංගමය කියයි.
යාපනය අර්ධද්වීපයෙන් දිනපතා අති විශාල එළවළු තොග ලැබීම දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලින් සිය එළවලු නිෂ්පාදන විශාල වශයෙන් ලැබෙමින් පැවතීමත් සමඟ සෑම එළවළුවක්ම විශාල වශයෙන් තොග මිල පහත වැටී තිබෙන බව පෙන්වා දෙන ව්‍යාපාරිකයන් කියා සිටියේ වහාම එළවළු තොග රැගෙන ගොස් අලෙවි කරන අතරමැදි කණ්ඩායම් සහ සිල්ලරට අලෙවි කරන කණ්ඩායම් සාමාන්‍ය ජනතාවට එහි වාසිය ලබාදීමට පහසු මිල ගණන් යටතේ අලෙවි කිරීමට වග බලා ගත යුතු බවයි.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ 27 දීන එළවළු කිලෝවක පැවති තොග මිල
බෝංචි 80 ත් 120
ලීක්ස් 150ත් 180
කැරට් 150 ත් 200
තක්කාලී 50.120
රාබු 20 ත් 50
නො කෝල් 40.ත් 60
කැකිරී 25ත් 30
පිපිඤ්ඤා 20ත් 30
වැටකොලු 50 ත් 60
බණ්ඩක්කා 40 ත් 50
පතෝල 50 ත් 60
වම්බටු 80 120
අමු මිරිස් 150ත් 200
මැකරල් 30ත් 50
මාළු මිරිස් 300 ත් 350
කොමඩු 40 ත් 50