දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළින් 17 දිනද එළවළු මිල විශල වශයෙන් ඉහළ ගියද එළවළු මිලදී ගැනීම සඳහා වෙළෙන්දන්ගේ පැමිණීම සියයට 75 කින් පමණ අඩුවී තිබෙන බව වෙළෙන්දෝ පවසති.
කන්ද උඩරට ප්‍රදේශවලින් ලැබී තිබුණු කැරට්, ලීක්ස් ,බීට්, බොන්චි , මාළු මිරිස් ,ආදී එළවළු වල මිල පෙර දිනට සාපේක්ෂව තවදුරටත් ඉහළ ගොස් පවතින බව වෙළෙන්දෝ පෙන්වා දෙති.
පෙර දිනට වඩා එළවළු ලැබීමද විශාල වශයෙන් අඩුවී තිබෙන අතර කන්ද උඩරට ප්‍රදේශවලින් ලැබී තිබුණු ඉහල ගුනාත්මක වර්ගයේ කැරට් කිලෝවක් රුපියල්දා 1700 ත් 2500 දක්වා වූ මිල ගණන් යටතේ අලෙවි වූ බවත් ඉතාමත්ම පහත මට්ටමේ ඇති කුඩා කැරට් කිලොව රුපියල් 600 ක මිලකට අලෙවි වීම විශේෂත්වයක් බව වෙළෙන්දෝ පෙන්වා දෙති.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ පෙර දින පැවති පහත රට එළවළු වම්බටු, මෑකරල් ,වට්ටක්කා ,පිපිඤ්ඤා ,කැකිරි, ආදී එළවළු වර්ග මිලදී සියට හතළිහකින් පමණ මෙදින ඉහළ ගොස් තිබුණු අතර එම එළවළු තොග ද ලැබීම විශාල වශයෙන් අඩුවී තිබෙන බව ජනතාව පෙන්වා දෙන ලදී.
ආර්ථික මධ්‍යස්ථානය තුළ කැරට් කිලෝව රුපියල් 1700 ත් 2500ත් බෝංචි රුපියල් 600 සිටි 1200 දක්වා වූ මිල ගණන් යටතේ අලෙවි වූ අතර අම්මු ම්රිස් කිලෝ එක රුපියල් නවසීයේ සිට දහස දක්වාත් තක්කාලි කිලෝව රුපියල් 250 සිට 300 දක්වාත් වට්ටක්කා කිලෝව රුපියල් සියයත් 115 අතරත් මා කරල් කිලෝව රුපියල් 250 ත් 300 අතර මිලකට අලෙවි වීම විශේෂත්වයකි.
එළවළු හිගය නිසා සැපයුම අඩුවීම නිසාත් පැයන් පැය මොහොතින් මොහොත පවතින එළවළුවල මිල ඉහළ යෑම මෙහිදී විශේෂත්වයක් බව වෙළෙන්දෝ පෙන්වා දෙන්නට වූහ.
අතම් වෙළෙන්දන් කියා සිටියේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට සේවයට පැමිණ දශක දෙකක පමණ කාලයක් ගත වුවද මෙවැනි එළවළු මිල ඉහළ යෑමක් දැක නොමැති බවය.
කෙසේ වෙතත් බොහෝ එළවලු මිලදී ගැනීම සඳහා පැමිණි ව්‍යාපාරිකයන් කියා සිටියේ වෙනදා මෙන් එළවළු මිලදී ගැනීමට නොයන බවය එළවළු ගන්න පාරිභෝගික ජනතාව ද ඉතා සීමිත ප්‍රමාණයක් මිලදී ගැනීම සිදුකරන බවද ඔවුහු පැවසූහ.