රුපියල් ලක්ෂ 30 ක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්රවීණ රංගන ශිල්පිනි දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා වන ලෙන්ලි ජොන්සන් යුවළ අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙතෙක් නොහැකි වී ඇතැයි දැනගන්නට ඇත.
මීට දින 6 කට ඉහතදී ඉකුත් (27)රාත්රී බොරලැස්ගමුව පැපිලියාන දමිතා අබේරත්න මහත්මියගේ නිවසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගියද ඔවුන් දෙදෙනා ඒ වන විටත් නිවසින් පිටව ගොස් තිබිණි.
කොරියාවට යවන බව නය රුපියල් ලක්ෂ තිහක මුදලක් වංචා කර ඇති බව ඔවුන්ට එරෙහිව චෝදනා ගොනු කර තිබිණි.
ඉකුත් (27) වෙනිදින ඔවුන් ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප අයදුම් පත මහේස්ත්රාත් තිළිණ ගමගේ මහතා ප්රතික්ෂේප කිරීමත් සමගම දමිතා අබේරත්න යුවළ අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ විශේෂ පොලිස් කණ්ඩායමක් බොරලැස්ගමුව පැපිලියාන නිවස ගොස් තිබිණි
නමුත් ඔවුන් දෙදෙනා නිවසේ නොමැති විමත් දමිතා අබේරත්න මහත්මියගේ මව පමණක් නිවසේ සිට ඇති බවත් එනමුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇයගේ නිවස ආසන්නයේ (27) වෙනිදින රාත්රී සිට පසුදින දහවල් තෙක් රැඳී සිට අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ඇතැයි පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි