දිඹුලාගල දම්මින්න හයවන ගැමුණු හේවා බලකායේ නිරෝධායන මධ්‍යස්ථානයේදි දින 14ක කාලයක් නිරෝධායනයට ලක්ව කටාර් සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් 86 දෙනෙකු පළමුවෙනිදා උදැසන ඔවුන්ගේ ගම්බිම් වෙත යුද හමුදාවට අයත් බස් රථ තුනකින් සහ පෞද්ගලික වාහන කිහිපයකින් පිටත්කළ බව එම මූලස්ථානයේ උසස් හමුදා නිලධාරියෙකු පැවසීය.
මෙම පිරිස යාපනය, කැගල්ල, මහනුවර, ගාල්ල ඇතුළු විවිධ පළාත් වල පදිංචිකරුවන් වන අතර නිරෝධායනයට ලක්ව ගිය පිරිස අතර විදෙස් ජාතිකයෙක්ද සිටින බව එම නිලධාරියා සඳහන් කළේය.
කටාර් රාජ්‍යයේ ගෘහ සේවයට සහ විවිධ පෞද්ගලික ආයතනවලට සේවයට ගොස් ඔවුන් ඉකුත් 17දා නිරෝධයන කටයුතු සඳහා දම්මින්න හයවන ගැමුණු හේවා බලකායේ නිරෝධායන මධ්‍යස්ථානයට රැගෙන ආවේය.
මනම්පිටිය නිමල් ජයරත්න