රත්ගම බූස්ස පිංතාලිය හන්දියේ දුම්රිය හරස් මාර්ගයේදී ඊයේ (23) රෑ යතුරු පැදියක් දුම්රියේ ගැටී තරුණයින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වී ඇති බව රත්ගම පොලීසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ රත්ගම ගලගොඩවත්ත පදිංචි තරුණයින් තිදෙනෙක් බවද පොලීසිය කියයි.
තරුණයින් තිදෙනා වෙසක් දන්සල් වදින්න යමින් සිටි යතුරු පැදිය දුම්රියේ ගැටීමෙන් තිදෙනා මිය ගොස් ඇති බවද පොලීසිය කියයි.
ඔවුන් වයස දහ අට,දහනවය හා විස්ස වයස් වල පසුවූවන් බවද පොලීසිය කියයි.
තරුණයින් තිදෙනා ගමන් ගත් යතුරු පැදිය දුම්රියේ ගැටී බරපතල තුවාල ලබා කරාපිටිය රෝහලට රැගෙන යමින් සිටියදී තිදෙනාම ජීවික්ෂයට පත්වී ඇති බව ද පොලීසිය කියයි.
ඔවුන්ගේ දේහයන් කරාපිටිය රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර බවත් අද මරණ පරීක්ෂණය කරාපිටිය රෝහලේදී පැවැත්වීමට නියමිත බවත් පොලීසිය කියයි. රත්ගම පොලීසිය මේ පිළිබදව වාඩිදුර පරීක්ෂණ පවත්වයි.