දකුණු පළාතේ පුද්ගලයින් 2600 දෙනෙකු පමණ මේ වනවිට ස්වයං නිරෝධායන ක්‍රියාවලිය අවසන් කොට ඇති බැව් දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය පවසයි.
දකුණු පළාත තුල තවත් පුද්ගලයින් 2400ක් පමණ සිය නිවෙස්වලට වි ස්වයං නිරෝධායනය වෙමින් සිටින බවද දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය පවසයි. මේ පිළිබද අදහස් දක්වමින් දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා මෙසේද පැවසීය,
නිරෝධායන මධ්‍යස්ථානවලින් එන අයද නිවෙස්වල දින 14ක් ස්වයං නිරෝධායන ක්‍රියාවලියට එක්වෙමින් සිටිනවා. ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් හා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් තාක්ෂණික අධික්ෂණ කටයුතු කරනවා.මේ සදහා පොලීසියේ හා බුද්ධි අංශවල සහයෝගය ලබා ගන්නවා.මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් දිනපතා ස්වයං නිරෝධායනයට ලක්වන පුද්ගලයින් අධික්ෂණය කරන බවද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා සඳහන් කළේය.