දකුණු පළාත තුල අද (05) වනවිට පුද්ගලයින් 2659 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටින බැව් දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා පවසයි.
මෙකි පුද්ගලයින් නිවෙස්වලට වි ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා නිලධාරින්ගේ හා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ අධික්ෂණය යටතේ ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටින බවද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා සඳහන් කළේය.
අද වනවිට පුද්ගලයින් 3207 දෙනෙකු ස්වයං නිරෝධායන ක්‍රියාවලිය අවසන් කොට ඇති බවද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා සඳහන් කළේය.